How can Sri Lankan charities find international donors and partners?

ලෝකයම ගරු කරන අපේ ක්‍රිකට් අනන්‍යතාවය දැන් නැවත දකින්න පුළුවන් – ක්‍රිකට් සභාපති

- srilankacricket.lk

Thanathillen Eha_1

“ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ ක්‍රිකට් ක්‍රීඩා විලාශයක් අතීතයේ සිටම අපසතුයි.  ලොව අපට ගරු කරන්නේ මේ ක්‍රීඩා රටාවටයි.  වත්මන් ක්‍රිකට් කණ්ඩායම මේ තත්ත්වයට ළගාවි සිටීම සතුටට කරුණකැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.  සුමතිපාල මහතා එසේ පැවසුවේ බංග්ලාදේශයේ ක්‍රිකට් සංචාරය සාර්ථකව නිම කර ආපසු සියරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සව සභාව අමතමිනි.”

“ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ සිතටත් ගතටත් ඉතාම සමීප සැවොම ළැදි ක්‍රීඩාවක්.  මහජනතාවගේ අපේක්ෂාව වූයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයකින් ක්‍රීඩකයන්ගේ සහජ දක්ෂතා ඔපමට්ටම් කරගෙන දක්ෂ කණ්ඩායමක් බිහිවනවා දැකීමයි.   මේ සඳහා පසුගිය දිනවල අපගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵල දැන් ඵල ගැන්වෙනවා.  චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර හා රුමේෂ් රත්නායක පුහුණුකරුවන් ලෙස පත්කිරීමෙන් පසු කණ්ඩායම අද විශාල ප්‍රගතියක් ලබා ඇතැයි ද සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.”

Sri Lanka Team back from Bangladesh

රංගන හේරත්ට ලොව වැඩීම කඩුලු ලැබූ වමත් පන්දු යවන්නා ලෙස රටට ගෞරවයක් ගෙන ඒමට අවස්ථාව උදාවූයේ වසර ගණනක් ඔහු කළ කැපවීම මත යැයි කී ක්‍රිකට් සභාපතිවරයා දිනේෂ් චන්දිමාල් එක්දින, ටෙස්ට් හා 20-20 තරගාවලි තුනටම නායකත්වය දී සූරතා තුනම දිනාගැනීමෙන් ඔහුගේ නායකත්ව හැකියාවන් මනාව පැහැදිලි කර ඇතැයි ද කීවේය.

“ඕනෑම තරගයක ස්වරූපය වෙනස්කර තරග දිනාදිය හැකි ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් නම් කළ හැකියි.  බංග්ලාදේශය ප්‍රථම ටෙස්ට් තරගයේ දී ලකුණු පන්සියය ඉක්මවා ලැබූ අවස්ථාවේ අප කඩුල්ලක් පමණක් දැවී ඒ අසලට යාමෙන් අපගේ දක්ෂතා ඔප්පු කළා.  පසුගිය මාස කිහිපයේ දී පරිපාලනය පමණක් නොව ක්‍රීඩකයන්ට පවා විවේචනවලට ලක් කරමින් ලිපි පළවුවා.  ක්‍රීඩකයන් ලිඛිතව මෙය අපට පැමිණිලි කළා.  අද මේ තත්ත්වය වෙනස් වී සාර්ථක ආරම්භයක් ලැබී තිබෙනවා.  මේ ආරම්භය අපගේ දිගු ගමනට සාර්ථක අත්වැළක් යැයි ද සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.”

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අදහස් දක්වමින් වසර එකහමාරක පමණ කාලයක් පසුබෑමකට ලක්ව සිටි තම කණ්ඩායමට මෙවර ජයග්‍රහගී ලෙස මව්බිමට ඒමට ලැබීම සතුටට කරුණක් යැයි ද 2018 වසර ආරම්භයේදීම ලබාගත් මේ ජයග්‍රහණය දිගටම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ යැයි ද කීවේ ය.

එක්දින තරගාවලියේ ප්‍රථම තරග දෙක පරාජයට පත්වීමෙන් පසු එය ආශිර්වාදයක් බවට පත්කරගනිමින් ඉන්පසු අඩුපාඩුකම් සියල්ල සකස් කරගැනීමට කටයුතු කළ බව කී චන්දිමාල් ඒ සඳහා පුහුණුකරුවන්ගේ කැපවීම අගය කරන බව ද පැවසීය.

“අප ක්‍රීඩාකළේ කණ්ඩායමක් හැටියට නොවෙයි.  එකම පවුලක සාමාජිකයන් ලෙස බැඳීමකිනුයි.  අසීරු කාලයේ ක්‍රිකට් සභාපතිතුමා අප පිටුපස සිටියා.  වත්මන් පුහුණුකරුවන් සිදුකළේ විශාල වෙනසක්.  රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම දැන් සෑම ක්‍රීඩාකයෙකුගේම එකම අපේක්ෂාවයි.  අසීරු අවස්ථාවේත් වත්මන් අවධියේත් කණ්ඩායම දිරිමත් කරන ප්‍රේක්ෂකයන්ට ද ස්තූතිවන්ත වන බවද දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.”

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියට පෞද්ගලිකව අදහස් දැක්වූ 20-20 තරගාවලියේ හා අවසාන තරගයේ වීරයා කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් තමා පාසලේ දී ආරම්භක පිතිකරු අංක තුන හා හතර ස්ථානවල ක්‍රීඩාකර තිබූ නිසා මේ සංචාරයේ ආරම්භක පිතිකරු ස්ථානයේ පහසුවෙන් ක්‍රීඩාකිරීමට අවස්ථාව සැලසුණු බවත් වෙනදාටත් වඩා මෙවර තමා කැපවීමකින් පුහුණු වූ බවත් කීවේ ය.

අපගේ පුහුණුකරුවන් පිතිකරුවනට හා පන්දු යවන්නන්ට දීර්ඝ ලෙස වෙන වෙනම උපදෙස් දුන්නා.  ඔවුන්ගෙන් ලැබුණු සහය විශිෂ්ටයි.  මගේ අරමුණ හොඳින්ම පන්දුවට පහරදී ලොව හොඳම පිතිකරුවන් දසදෙනා අතරට ඒමය යැයි ද මෙන්ඩිස් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අදහස් දක්වමින් බංග්ලාදේශයේ පුවත්පතක තමා පිළිබඳව අදහස් දක්වමින් තමාගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවට වැඩි වාසියක් වූ බව සඳහන් කර තිබූ බව කීවේය.  එය අසත්‍යයක් බව කී හතුරුසිංහ තමා පන්දුවට පහර දුන්නේවත් පන්දු යැව්වේවත් නොමැති බවත් ලංකා කණ්ඩායමට සහය (පුහුණුවට) වූවා පමණකැයි ද පැවසීය.  ප්‍රථම හා දෙවන එක්දින තරග පැරැදුනාම අප දැනසිටියා නැවත අපට තරගාවලියට ඒමට අවස්ථාව තිබෙනවා කියලා.  එය එසේම වූවා.  අනාගතයේ අපගේ අපේක්ෂාව තරගවදින ප්‍රතිවාදී කණ්ඩායමට සරිලන ක්‍රීඩකයන් යෙදවීඹට විශාල ක්‍රීඩක සංචිතයක් සාදා ගැනීමයි.

පසුගිය දිනවල අප ක්‍රීඩකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ක්‍රීඩක පරිසරය (වටපිටාව) හොඳින් සකස් කළා.  බොහෝ අයගේ ඉහළම දක්ෂතා තිබෙනවා.  ඔවුනට ඒවා ඔප මට්ටම් කරගැනීමට අප උදව් කළා යැයි ද හතුරුසිංහ පැවසීය.

පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා කතා කරමින් 2019 අප්‍රේල් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට වඩා සුපිරි කණ්ඩායමක් බවට පත් වනවාට තමාට විශ්වාස යැයි ප්‍රකාශ කළේය.  බංග්ලාදේශයේ තරගවැදුණු ක්‍රීඩකයන්ට අමතරව මැතිව්ස්, කුසල් ජනිත්, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, දික්වැල්ල වැනි තවත් දක්ෂතම ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම එළියේ ඉන්නවා.  මේ සියල්ලගෙන් අපට ප්‍රතිවාදීන්ට ගැලපෙන හොඳ කණ්ඩායමක් සාදාගත හැකියි.  ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රීඩකයන්ගේ සුළු තාක්ෂණික වෙනස් කම් ඇති කර විශාල නිදහසක් දී බියනැති කර නිදහස් මානසිකත්වයකින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී ඇතැයි සමරවීර කීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Despite yet another enthralling cameo from MS Dhoni – this time pushing Chennai Super Kings  to a good total on a tacky surface – CSK finished second best in Lucknow. KL Rahul was largely responsible for that outcome as he smashed a fine 53-ball 82 in the chase. Quinton de Kock got runs too as […]

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc