ලබන කන්නය ආරම්භ වීමට ප්‍රථම පොහොර සඳහා වැයවන මුදල ගොවීන්ට ලබා දෙනවා
ලබන කන්නයේ සිට වී ගොවීන්ට සහ බඩ ඉරිඟු, සෝයා, මිරිස් ලොකු ලූනු සහ අර්තාපල් යන අමතර බෝග පහටත් අවශ්‍ය කරන සම්පූර්ණ පොහොර සඳහා වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.