හලාවත මේරියන්ස් ලකුණු 264කින් එස්. එස්. සී. පරාජය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන සූපර් එයිට් (සුපිරි අට) අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග අතුරින් හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බී. ආර්. සී. සහ එන්. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත්හ.
හලාවත මේරියන්ස් ලකුණු 264කින් එස්. එස්. සී. පිල ද, බී. ආර්. සී. කණ්ඩායම කඩුලු අටකින් රාගම ක්‍රිකට් කණ්ඩායම ද එන්. සී. සී. ඉනිමකින් කෝල්ට්ස් කණ්ඩායම ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩුලු හයකින් සරසන්ස් කණ්ඩායම ද පරාජයට පත් කළහ. හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගයේ දී හලාවත මේරියන්ස් මුල් ඉනිමේ දී ලකුණු 372ක් ලැබූ අතර, ආරම්භක පිතිකරුවන් දෙදෙනා ෂෙහාන් ජයසූරිය (146) සහ අෂේන් සිල්වා (105) මුල් විකට්ටුවට ලකුණු 245ක් එක් කළහ. එස්. එස්. සී. මුල් ඉනිමේ ලැබුවේ ලකුණු 227කි. හලාවත මේරියන්ස් දෙවන ඉනිමේ ද ලකුණු 399ක් ලබා එස්. එස්. සී. පිලට ලකුණු 540ක ජයග්‍රහණ ඉලක්කයක් සැපයීය. එස්. එස්. සී. දෙවන ඉනිමේ දී ද ලබාගත්තේ ලකුණු 275ක් පමණකි. තුන් ඉරියව්වේම දස්කම් පෑ මේරියන්ස් කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය ඉනිම දෙකේ දීම ලකුණු 113කට කඩුලු අටක් ද බිඳදැමීය.
- හලාවත මේරියන්ස් ලකුණු 264කින් එස්. එස්. සී. පරාජය කරයි.
හලාවත මේරියන්ස් මුල් ඉනිම 372යි. ෂෙහාන් ජයසූරිය 146, අෂේන් සිල්වා 105, එම්. කාදර් 79ට 4. දෙවන ඉනිම 399යි. එස්. ජයසූරිය 88, ආර්. උපමාල් 88. එස්. එස්. සී. මුල් ඉනිම 232යි. ෂම්මු අෂාන් 72, සී. කපුගෙදර 63, එස්. ජයසූරිය 48ට 4. දෙවන ඉනිම 275යි. ෂම්මු අෂාන් 83, කේ. අසලංක 45, එස්. සේනානයක 45, ජයසූරිය 65ට 4.
- බී. ආර්. සී. කඩුලු 8කින් රාගම ක්‍රිකට් පිල පරදවයි.
රාගම මුල් ඉනිම 129යි. එම්. ඒ. ප්‍රනාන්දු 41යි, රාමනායක 29ට 5. දෙවන ඉනිම 138යි. බී. කේ. මිලින්ත 37, ඒ. සිල්වා 34, රන්දිව් 8ට 5යි, සම්පත් 48ට 2. බී. ආර්. සී. මුල් ඉනිම 149යි. එච්. රාමනායක 38, ඩබ්ලිව්. ලක්ෂාන් 35, එම්. ජයරත්න 54ට 4. දෙවනි ඉනිම කඩුලු 2ට 119යි. ටී. සම්පත් නොදැවී 50, එම්. බුද්ධික නොදැවී 34.
- එන්. සී. සී. ඉනිමකින් හා ලකුණු 143කින් කෝල්ට්ස් පරාජය කරයි.
එන්. සී. සී. මුල් ඉනිම කඩුලු 9ට 618යි. එල්. ඉහළගමගේ 157, පී. රාජපක්ෂ 134, ඒ. පෙරේරා 129, එම්. උඩවත්ත 106. කෝල්ට්ස් මුල් ඉනිම 127යි. එල්. ඇඹුල්දෙනිය 33ට 5, සී. කුමාර 26ට 4. කෝල්ට්ස් දෙවන ඉනිම 348යි. එස්. ආරච්චිගේ 116යි, පී. ඒ. පෙරේරා 70යි.
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩුලු හයකින් සරසන්ස් පරාජය කරයි.
සරසන්ස් මුල් ඉනිම 311යි. කේ. බණ්ඩාර 87, එම්. ජලීල් 56යි, එම්. සී. ජයම්පති 43ට 3. දෙවන ඉනිම 118යි. සී. ජයම්පති 33ට 5, කොමසාරු 34ට 3යි. වරාය අධිකාරිය මුල් ඉනිම 220යි. එන්. කොම්ප්ටන් 103, ආර්. ලියනආරච්චි 57ට 5. දෙවන ඉනිම කඩුලු 4ට 2013යි. කොම්ප්ටන් 95, රංගන 41, කේ. ද සිල්වා 36යි.