United States Virginia change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

ඉන්දියාව කඩුලු හයකින් ශ්‍රී ලංකාව පරාජය කරයි

Mar 12, 2018 11:10:54 PM - srilankacricket.lk

ShriyanOb03

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳුදා (මාර්තු 12) පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයෙන් ඉන්දියාව කඩුලු හයක ජයක් ලැබීය.

එක් කණ්ඩායමකට ඕවර 19ක් ලැබෙන පරිදි  පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 19ක දී කඩුලු 09ක ට ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 17.3ක දී කඩුලු 4ක ට ලකුණු 153ක් ලබා ජය ගත්තේ පන්දු නවයක් ඉතිරිව තිබියදී ය.  ශ්‍රී ලංකාව මෙදින ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය.

ඉන්දියාව කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරීය.  වර්ෂාව මත තරගය රාත්‍රී 8.20ට ආරම්භ වූයේ නියමිත වේලාවට පැයයි මිනිත්තු 20ක් ප්‍රමාදව ය.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා වන ආරම්භක පිතිකරු, නායක, රෝහිට් ෂර්මා (11) සහ ශිකර් ධවාන් (08) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට ශ්‍රී ලංකා පිල මෙදින ඉනිම ආරම්භයේදී ම සමත් විණි.  මෙම කඩුලු දෙක ම දවාලූයේ අකිල ධනංජය විසිනි.  ඉන්දීය මුළු ලකුණු 13දී ධනංජයගේ පන්දුවකට කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී ෂර්මා දැවී ගියේය.  ඉන්දියාව ලකුණු 22ක් ලබද්දී, ධනංජයගේ තවත් පන්දුවකට ධවාන් දැවී ගියේ තිසර පෙරේරාට උඩපන්දුවක් දීමෙනි.

DSC_2081

පසුව සුරේෂ් රයිනා පන්දු 15ක දී හතරේ 02ක් සහ හයේ 02ක් සමග ලකුණු 27ක් හා කේ. එල්. රාහුල් පන්දු 17ක දී හතරේ 01ක් සමග ලකුණු 18ක් ද, පාන්ඩෙ ලකුණු 42ක් ද (පන්දු 31යි හයේ 01යි හතරේ 03යි), දිනේෂ් කාතික් නොදැවී ලකුණු 39ක් ද (පන්දු 25යි හතරේ 05යි) ලැබූහ.

අකිල ධනංජය ඕවර 04ක් යවා ලකුණු 19ක ට කඩුලු 02ක් දවාලූවේය.  ශ්‍රී ලංකාව අවසාන තරගයට ඒමට නම්, මූලික වටයේ ඉතිරි තරග දෙකේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව, බංග්ලාදේශය පරාජය කළ යුතු වේ.

ජදෙව් උනාට්කට් එවූ ප්‍රථම ඕවරයේ ප්‍රථම පන්දුවට ධනුෂ්ක ගුණතිලක ලකුණු 05ක් ද, දෙවන පන්දුවට කුසල් මෙන්ඩිස් ලකුණු 06ක් ද සමගින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම ඕවරයේ ලැබූ ලකුණු සංඛ්‍යාව 15කි.  ධනුෂ්ක හා කුසල් දෙවන ඕවරයෙන් ද ලකුණු 09ක් ලැබූහ.  මුළු ලකුණු සංඛ්‍යාව 25 දී තකුර්ගේ පන්දුවකට රයිනාට උඩපන්දුවක් දීමෙන් ධනුෂ්ක දැවී ගියේ ලකුණු 17ක ට ය (පන්දු 08යි හයේ පහරයි).  මීට පෙර තරග දෙකේ දී ම අර්ධ ශතක ලැබූ කුසල් ජනිත් පෙරේරා ආපසු හරවා පහරක් ගැසීමට (රිවර්ස් ස්වීප්) උත්සහ කරද්දී වොෂින්ටන් සුන්දර්ගේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ මුළු ලකුණු 34 (ඕවර 3.1යි) දී ය.

ශ්‍රී ලංකා තෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ඕවර 7.1ක දී එක් කළ ලකුණු ප්‍රමාණය 62කි.  තරංග එතරම් වේගයකින් ලකුණු රැස් නොකළත්, තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් හයේ පහරක් සමග පන්දු 24ක දී ලකුණු 22ක් රැස් කර, මුළු ලකුණු 96 දී දැවී ගියේ ය.  ශ්‍රී ලංකාව ප්‍රථම ඕවර දහයේදී ලකුණු 94ක් රැස් කළත් ඊළඟ ඕවර නවයේදී ලබාගත්තේ ලකුණු 58කි.  පවර් ප්ලේ ඕවර හයේ දී ශ්‍රී ලංකාව ලකුණු 53ක් ලැබීය.

තරංග දැවී යාමෙන් පසු පැමිණි නායක, තිසර පෙරේරා, ඔහු මුහුණ දුන් ප්‍රථම හා දෙවන පන්දු දෙකට (ෂංකර්ගේ) හයේ පහර දෙකක් එල්ල කළේය.  කෙසේ වුවද, තිසර 12 වන ඕවරයේ අවසාන පන්දුවට ලකුණු 15ක් ලබා සිටියදී දැවී ගියේ පන්දු හයකට පමණක් මුහුණ දී හයේ දෙකක් සමග ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ ආරම්භක පිතිකරු, කුසල් මෙන්ඩිස් මෙදින ද ලකුණු 55ක් රැස් කර නිදහස් කුසලාන තරගාවලියේ තම පිට පිට ම තෙවන අර්ධ ශතකය ලැබීය.  කුසල් ලකුණු 55 ලැබුවේ පන්දු 38ක ට මුහුණ දී හතරේ 03ක් හා හයේ 03ක් සමගිනි.  මීට අමතරව, ලකුණු අතරට පැමිණි පිතිකරුවා වූ දසුන් ශානක පන්දු 16ක දී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 19ක් ලබාගත්තේ ය.  අග පෙළ පිතිකරුවන් අකිල ධනංජය (05), සුරංග ලක්මාල් (05), දුෂ්මන්ත චමීර (00) හා නුවන් ප්‍රදීප් නොදැවී (00) ලබාගත්තේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් ය.  ෂාඩුල් තාකූර් ලකුණු 27ක ට කඩුලු 04ක් දවාලූවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-