සී. සී. සී. 82 කින් පොලිසිය පරාජය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින තරගාවලියේ දී (ඕවර 50) සී. සී. සී. කණ්ඩායම ලකුණු 82කින් ශ්‍රී ලංකා පොලිසිය පරාජයට පත් කළේය.
කෝල්ට්ස් හා හලාවත මේරියන්ස් අතර තරගයත් බ්ලූම්ෆීල්ඩ් සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයත් විසදුමකින් තොරව කෙළවර වූයේ වර්ෂාවෙන් බාධා ඇතිව තරග අතරමග නතර කිරීමට සිදුවූ හේතුව මතය.
පානදුර හා සරසන්ස් අතර තරගය වර්ෂාව මත එකම පන්දුවක්වත් නොයවාම පැවැත්වූයේ නොමැත.
- සී. සී. සී. ලකුණු 82කින් පොලිසිය පරාජය කරයි.
මේ තරගය ද වර්ෂාව මත කණ්ඩායමකට ඕවර 25ක් ලැබෙන පරිදි පැවැත්විණි. මුලින් පන්දුවට පහරදුන් සී. සී. සී. කණ්ඩායම ඕවර 24.5ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 169ක් ලැබීය. මෙහි දී පී. ඩබ්ලිව්. සිල්වා පන්දු 39ක දී හතරේ පහක් සමඟ ලකුණු 40ක් ද අෂාන් ප්‍රියංජන් පන්දු 28ක දී හතරේ හතරක් සමඟ ලකුණු 24ක් ද රැස් කළහ. සී. පියුමාල්. ඒ. එම්. ද සිල්වා හා ලක්ෂාන් සඳකැන් කඩුලු දෙක බැගින් දවාලූහ.
පිළිතුරු ලෙස පොලිසිය ඕවර 20.1 ක දී සියලු පිතිකරුවන් දැවී ලබා ගත්තේ ලකුණු 87කි. එච්. ජයවර්ධන ලකුණු 29ක් ලබාගත් අතර අෂාන් ප්‍රියංජන් හා මලින්ද වර්ණපුර කඩුලු තුන බැගින් දවාලූහ.
සී. සී. සී. ඕවර 24.5 දී ලකුණු 169යි. පී. ද සිල්වා 40යි. ඒ. ප්‍රියංජන් 37, සචිත් පතිරණ 24, සී. පියුමාල් 27ට 2, ඒ. එච්. ද සිල්වා 3ට 2යි, සඳකැන් 11ට 2යි. ශ්‍රී ලංකා පොලිසිය ඕවර 20.1දී 87යි. එච්. ජයවර්ධන 29යි. ඒ. ප්‍රියංජන් 18ට වර්ණපුර 28ට 3.
- කෝල්ට්ස් – හලාවත මේරියන්ස් තරගය ජයපරාජ නෑ.
කෝල්ට්ස් ඕවර 22දී කඩුලු 6ට 101යි. ඩබ්ලිව්. ප්‍රනාන්දු 27යි, මලින්ද පුෂ්පකුමාර 12ට 3යි. හලාවත මේරියන්ස් ඕවර 8දී කඩුලු 3ට 66යි. එස්. ජයසුරිය නොදැවී 40යි.
- බ්ලූම්ෆීල්ඩ් – කලුතර නගර කණ්ඩායම තරගය ජය පරාජ නෑ. (එක් පිලකට ඕවර 25යි)
බ්ලූම්ෆීල්ඩ් ඕවර 25 දී කඩුලු 7ට 156යි. ජේ. ඒ. ජයකොඩි 40යි, ඒ. නානායක්කාර 32, ආර්. ටී. මෙන්ඩිස් 31යි, එන්. කාරියවසම් 27ට 3, එම්. මධුෂාන් 17ට 2.
කලුතර නගර කණ්ඩායම කඩුලු 8ට ලකුණු 67යි. (ඩක්වත් අනුව ඉලක්කය ඕවර 20දී 184යි) කේ. එම්. ද සිල්වා 15ට 2, ආර්. ටී. මෙන්ඩිස් 8ට 2.
- පානදුර – සරසන්ස් තරගය වර්ෂාව මත නොපැවැත්විණි.
– බන්දුල මොල්ලිගොඩ –