How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට සිකුරාදා (16) තරගය තීරණාත්මකයි

- srilankacricket.lk

Thanathillen Eha_1

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක වන්නේ මෙහි ජයග්‍රහකයන් ඉරිදා (18) ඉන්දියාව සමග අවසාන මහ තරගයට සහභාගි වීමට සුදුසුකම් ලබන හෙයිනි.

කණ්ඩායම් තුනේ ලකුණු රැස්කිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසුවන හෙයින් යම් හෙයකින් වර්ෂාව මත තරගය නොපැවැත් වුවහොත් අවසාන තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවය.  බදාදා (14) පැවැති ඉන්දීය – බංග්ලාදේශ තරගයෙන් පසුව කණ්ඩායම් තුනේ ලකුණු රැස් කිරීමේ වේගය ඉන්දියාව (+0.377) ශ්‍රී ලංකාව (-0.072) බංග්ලාදේශය (-0.436) වේ.

මූලික වටයේ දී බදාදා (14) රාත්‍රී තෙක් පැවැති තරග පහෙන් ඉන්දියාව තරග තුනක් ද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරගය බැගින් ද ජයලැබීය.  ඉන්දියාව එක් තරගයක් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාවට පමණි.  ඔවුන් (ඉන්දියාව) මුල් වටයේ දී බංග්ලාදේශය දෙවරක්ම පරාජය කර ශ්‍රී ලංකාව ද දෙවන තරගයේ දී පරාජය කළේය.  ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනෙන් සමාරම්භක තරගයේ දී ඉන්දියාව පරාජය කර ඊළග තරග දෙකේ දී බංග්ලාදේශය හා ඉන්දියාව වෙතින් පරාජය විණි.  බංග්ලාදේශය ජයගත්තේ ශ්‍රී ලංකාව සමග ප්‍රථම තරගයයි.

Kusal Perera vs Bangladesh

ඉන්දියාව මේ වන විටත් ඉරිදා (18) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා අවසානය.  ඉන්දීය නායක රොහිට් ෂර්මා පළමු තරග තුනේ දීම අසාර්ථක වී සිව්වන තරගයේ දී බංග්ලාදේශ සමග ලකුණු 89ක් ලබා නැවත ලකුණු අතරට පිවිස සිටී.  ශිකර් ධවාන් සුරේෂ් රයිනා සහ දිනේෂ් කාතික් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් වෙති.  ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ වොෂිංටන් සුන්දර්ය.

සිකුරාදා (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පිළිබ‍ඳ්ව සැමගේ අවධානය යොමුව පවතින්නේ මෙහි ජයග්‍රාහකයන්ට අවසාන තරගයට සුදුසුකම් ලැබන බැවිනි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු අතර සිටිති.  උපුල් තරංග ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක මීට වඩා දායකත්වයක් ලංකා කණ්ඩායමේ පිතිකරණයේ දී ලබාදිය යුතුවේ.  අකිල ධනංජය දග පන්දු යැවීමේ දී දක්ෂතා පෙන්වා ඇතත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මෙතෙක් තම දක්ෂතා හරිහැටි පෙන්වා නොමැත.  සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පන්දු රැකීම උසස් මට්ටමක පවතී.

බංග්ලාදේශයේ අංක පහ පිතිකරු හිටපු නායක මුෂ්ෆිකර් රහීම් අවසාන තරග දෙකේ දී ශ්‍රී ලංකාව හා ඉන්දීයාව සමග නොදැවී ලකුණු 72 බැගින් ලබා ප්‍රබලම තත්ත්වයක පසුවේ.  ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කර අවසාන තරගයට යාමට නම් මුෂ්ෆික්ර රහීම්, ලිටන් දාස් හා ටමීම් ඉක්බාල් ඉක්මනින් ක්‍රීඩාගාරයට යැවිය යුතුවේ.  ශ්‍රී ලංකාව ගිය මස බංග්ලාදේශයේ දී 20-20 තරග දෙකම ජයගත් අතර, එම දක්ෂතා ලංකා ක්‍රීඩකයන් අනිවාර්යයෙන් ම නැවත දැක්විය යුතු වේ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The United Nations called Tuesday for Âa clear, transparent and credible investigation of mass graves uncovered at two major hospitals in war-torn Gaza that were raided by Israeli troops.

- adaderana.lk

Iran and Sri Lanka on Wednesday (24) signed five Memorandums of Understanding (MoUs), aimed at bolstering bilateral relations between the two countries.

- adaderana.lk

Heavy traffic is reported in parts of Colombo as multiple roads remain closed due to the arrival of Iranian President Dr. Ebrahim Raisi.

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

- adaderana.lk

The price of imported milk powder will be reduced with effect from tomorrow (25), according to the Milk Powder Importers Association.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc