සීමිත ඕවර අවසාන පූර්ව වටයට කණ්ඩායම් තේරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව වටයට එස්. එස්. සී, එන්. සී. සී., සරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායහම් හතර තේරී සිටිති.
එස්. එස්. සී. කඩුලු අටකින් රාගම ක්‍රීඩාං සමාජයත් එන්. සී. සී. කඩුලු පහකින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත් සරසන්ස් කඩුලු හතරකින් ටැමිල් යූනියන් කණ්ඩායමත් හලාවත මේරියන්ස් ලකුණු 30කින් බී. ආර්. සී. කණ්ඩායමත් පරාජය කළහ.
මේ තරග හතර අතරින් තියුණුම තරගය වූයේ හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී. තරගයයි. හලාවත මේරියන්ස් ලබාගත් ලකුණු 256ට පිළිතුරු ලෙස බී. ආර්. සී. කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දි දෙවරක් කඩුලු අටකට 186ක් ද කඩුලු 9කට ලකුණු 226ක් ද ලබාසිටියත් ප්‍රබල අයුරින් පන්දුවට පහර දෙමින් සිටී ශ්‍රී ලංකා ක්‍රීඩක විකුම් සංජයට අනෙක් කෙළවරේ පිතිකරුවකු නොසිටීමෙන් 39ක දී හයේ හතරක් හතරේ හතරක් සමග නොදැවී ලකුණු 55ක් ලබා සිටියේ ය.
තරග ප්‍රතිඵල :-
- හලාවත මේරියන්ස් ලකුණු 30කින් බී. ආර්. සී. පරාජය කරයි.
හලාවත මේරියන්ස් ඕවර 49.4 දී 256 යි. ෂෙහාන් ජයසුරීය 84යි, ආර්. රමෝදන් 32, ඉසුරු උදාන 39, ජේ. සංජය 57ට 2, එම්. බුද්ධික 46ට 2, ඊ. එදිරිසිංහ 46ට2. බී. ආර්. සී. ඕවර 46.2 දී 226යි. පී. ඩයස් 60, එම්. එල්. බුද්ධික 37, ජේ. ආර්. සංජය නොදැවී 55, ටී. එන්. සම්පත් 25, ටී. ගුණවර්ධන 35ට 3, ඒ. එම් ප්‍රනාන්දු 39ට 2.
- එස්. එස්. සී. කඩුලු 8කින් රාගම ක්‍රීඩා සමාජය පරාජය කළේය.
රාගම ඕවර 48දී 206යි. බී. කේ. නිලන්ත 48, ඒ. ආර්. සිල්වා 37, ආර්. එස්. ද සොයිසා 39, සචිත්‍ර සේනානායක 25ට 4යි. එස්. එස්. සී. කඩුලු 2ට 207යි. (ඕවර 36.5යි) ධනුෂ්ක ගුණතිලක 53, දිමුත් කරුණාරත්න නොදැවී 70යි, දසුන් ශානක 54, බී. කේ. මිලන්ත 43ට 2යි.
- එන්. සී. සී. කඩුලු 5කින් කෝල්ට්ස් පරාජය කරයි.
කෝල්ට්ස් ඕවර 49.1ක දී ලකුණු 218යි. එස්. එස්. ආරච්චිගේ 31, ඩබ්ලිව්. ටී. ගමගේ 83, කේ. එම්. කුලසේකර 22, එම්. මහ්රූෆ් 16ට 2, පී. වී. චමීර 51ට 5. එන්. සී. සී. ඕවර 36.4 දී කඩුලු 5ට 220යි. ඇන්ජිලේ පෙරේරා නොදැවී 74, එම් මහ්රූෆ් නොදැවී 30, ධනංජය ද සිල්වා 34ට 2යි.
- සරසන්සර කඩුලු හතරකින් ටැමිල් යූනියන් පරාජය කරයි
ටැමිල් යූනියන් ඕවර 40.3 දී 113යි. තරගං පරණවිතාන 47, ආර්. එල්. රඹුක්වැල්ල 20, ඒ. බී. සොලමන්ස් 12ට 3, එස්. කේ. රන්දිව් 30ට 6යි. සරසන්ස් ඕවර 29.3 දී කඩුලු 6ය 114යි. පී. ටී. දාබරේ 26, එන්. කුරේ 17, කේ. එන්. බණ්ඩාර 17, පී. ඒ. ජීවන්ත නොදැවී 19, බී. ප්‍රනාන්දු 19ට 3යි.
– බන්දුල මොල්ලිගොඩ –