How can Sri Lankan charities find international donors and partners?

අන්තර්පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියෙ අනාගතයේ දී සුපිරි ක්‍රීඩකයන් බිහිකරාවි – ක්‍රිකට් සභාපති ...

- srilankacricket.lk

Thanathillen Eha_1

අන්තර් දිස්ත්‍රික්ක, අන්තර් පළාත් සහ ජාතික මට්ටමින් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයන් අසූවක් තෝරා ඔවුන් අතුරින් ද විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් හැටක් සහභාගී කරගෙන ලබන 30 වැනිදා (මාර්තු 30) ආරම්භවන සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අනාගතයේ දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකරන මෙරට ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය බවට පත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා තරගාවලිය පිළිබ‍ඳ අඟහරුවාදා (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කළක් පාසල් 16ක ට පමණක් සීමාව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද උපරිම දක්ෂතා පෙන්වන ඕනෑම අයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට හැකි වන අයුරින් විවෘතව ඇතැයි ද සුමතිපාල මහතා කීවේය.

සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මාර්තු 30 සිට අප්‍රේල් 24 දක්වා කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් සිව්දින තරග ලෙස තරග හයක් පිටපළාත්වලදී පැවැත්වේ.  සුරීයවැව දී තරග තුනක් ද රංගිරි දඹුල්ලේ තරග දෙකක් ද කටුනායක දී තරගයක් ද පැවැත්වීමට නියමිතය.  කණ්ඩායම් හතරටම රෝස පැහැති පන්දුවෙන් සිව්දින දිවා /රාත්‍රී තරගයකට බැගින් සහභාගිවීමට ද අවස්ථාව උදාවේ.  කණ්ඩායමේ හතරේ නායකයන් වන්නේ දිනේෂ් චන්දිමාල් (කොළඹ) දිමුත් කරුණාරත්න (දඹුල්ල) සුරංග ලක්මාල් (ගාල්ල) සහ ඇන්ජලෝ මැතිව්ස්ය.(මහනුවර).

SLC Super Four Provincial Tournament – Media Launch View Full

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අවුරුදු 13න් පහළ 15න් පහළ 17න් පහළ 19න් පහළ දක්ෂතා දක්වන පාසල් ක්‍රීඩකයනට, පසුව අන්තර් දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් දක්ෂතා පෙන්වා ජාතික තලයට පිවිසිය හැකියි.  මෙරට පාසල් 9000ක් තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටින්නේ පාසල් හයසියයයි.  ඉතිරි පාසල්වල හා ඒවායින් පිටවන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයනට ද දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් දක්ෂතා පෙන්වා කොළඹ ජාතික සංචිතයට ඒමට දැන් අවස්ථාව ලබැදී ඇතැයි ද සුමතිපාල මහතා කීවේය.

“සිව්දින තරගත් රෝස පන්දුවෙන් දිවා රාත්‍රි සිව්දින තරගත් පැවැත්වීමෙන් අප අදහස් කරන්නේ අපගේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අතර පරතරය හැකි තරම් දුරට අඩු කිරීමටයි.  අන්තර් පළාත් සුපිරි තරගාවලියෙන් පසුව ඕවර 50 සහ 20-20 තරගාවලියක් ද අප සංවිධානය කරනවා.  ඉන්දියාවේ අයි. පී. එල් තරගාවලිය මෙන් දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙරටදීද 20-20 තරගාවලියක් මේ වසර අගවන විට පැවැත්වීමත් අපගේ අපේක්ෂාවයි.  මෙය මීට කළකට පෙර උත්සාහ කර තිබුණත් සාර්ථක වූයේ නෑ.  සැළසුම් සහගතව සංවිධානය කිරීමෙන් අපට මෙවැනි තරගාවලියක් සාර්ථක කරගැනීමට හැකි වනවා” යැයිද ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

අන්තර් පළාත් සුපිරි තරගාවලියට තෝරාගෙන ඇති ක්‍රීඩකයන් අසුවෙන් හැටක් (15 බැගින් කණ්ඩායම් හතරකට) තරගාවලියට සහභාගීවන අතර, ඉතිරි ක්‍රීඩකයන් විසිදෙනා තවත් සංචිතයකට අයත් කර පුහුණුව ලබාදී තරගාවලියන්ට යොමු කිරීමට ද ක්‍රිකට් සභාපතිවරයා අපේක්ෂා කරයි.  මේ සියලු කණ්ඩායම් වලට ප්‍රවීණ පුහුණුකරුවන්ගේ සේවය ද ලබාදී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරගනිමින් රටේ ගෞරවය රැකගත යුතු බවට ද ක්‍රීඩකයනට උපදෙස් ලබාදුන් තිලංග සුමතිපාල මහතා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු දින කිහිපයකය පෙර පන්දු පළුදු කිරීමට උත්සාහ කර සිදු කල අපකීර්තිමත් සිද්ධියෙන් වසර ගණනාවක් කීරතිමත් නමත් දිනා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව අගෞරවයට පත්කළ බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  තිසර පෙරේරා බංග්ලාදේශය සමග සිද්ධියේ දී ක්‍රියාකළ ආකාරය සුමතිපාල මහතා පැසසුමට ද ලක්කළේය.

මහනුවර ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්  අදහස් දක්වමින් දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් හැටදෙනා අතර මෙවැනි තරගාවලි පැවැත්වීමෙන් හොඳම කණ්ඩායම තෝරාගැනීමට අවස්ථාව උදාවන අතරම පිට පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උනන්දුව වැඩිවන බවත් කිවේය.

කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ මෙවැනි සුපිරි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වනවා.  ශ්‍රී ලංකා කණ්ඩායමට මා තේරීපත්වූයේත් 2010 වසරේ මෙවැනිම තරගාවලියකිනි.  තරගාවලියට සහභාගී වන්නේ දැනට සිටින දක්ෂම පිරිස යැයි ද චන්දිමාල් කීවේය.

ගාල්ල කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් අදහස් දක්වමින් ක්‍රීඩකයනට මෙවැනි සුපිරි තරගාවලි ලබාදී විරල සිද්ධියක් බවත් අනාගතයේ ජාත්‍යන්තර තරගාවලියන් මෙය ශක්තිමත් අඩිතාලමක් වන අතර, ක්‍රීඩකයනගේ යුතුකම වන්නේ ජීවගුණය ආරක්ෂා කරගෙන ක්‍රීඩාකිරීම බවද කීවේය.

දඹුල්ල කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ මෙවැනි තරගාවලියන් මගින් සැමටම අවස්ථාව සැලසෙන අතරම ඉදිරියේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා මයෙ යහපත් පෙරහුරුවක් ද වන බවය.  දින හතරේ දිවා/රාත්‍රී තරග සංවිධානය වීමෙන් කීඩකයනට අත්දැකීම් රැසක් ලබාගත හැකි බව ද දිමුත් කරුණාරත්න කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති මොහාන් ද සිල්වා මහතා කතා කරමින් මේ තරගාවලිය මගින් ශ්‍රී ලංකාවේ දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයනට මෙරටදී මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් උපරිම දක්ෂතා පෙන්වීමට අවස්ථාව උදාවන්නේ යැයි කීවේය.  ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

- colombogazette.com

The United National Party (UNP) accused the Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, of having a hand in the mess Sri Lanka is in as a result of his earlier links to then President Gotabaya Rajapaksa. UNP General Secretary, Palitha Range Bandara said that the Cardinal had admitted he was misled by Gotabaya Rajapaksa and […]

- adaderana.lk

The Department of Meteorology has issued a weather alert, warning that extreme heat can be expected in parts of the island tomorrow (20).

- adaderana.lk

Oil slipped on Friday after prices spiked earlier on reports that Israel had attacked Iran as market fears of a major escalation to hostilities in the Mideast appeared to ease.

- adaderana.lk

State Minister of Finance Shehan Semasinghe says that the government is confident of reaching resolution with commercial creditors and the private bondholders which will enable Sri Lanka to be a debt sustainable country, as the engagements with them are underway.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc