කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රාහකයන්ගේ දායකත්වය වැඩිකරගත යුතුයි – ක්‍රිකට් සභාපති කියයි

- srilankacricket.lk

Thanathillen Eha_1

ආසියානු කලාපයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ආසියානු රටවල් අතර කාන්තා අවුරුදු 19න් පහළ 23න් පහළ නැගී එන (එමර්ජින්) සහ ජාතික කණ්ඩායම් අතර තරගාවලි සංවිධානය කිරීම ඵලදායි ක්‍රියාවකැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තියුණු වන තරමටම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට හැකිවනවා මෙන්ම ගුවන්විදුලි (අසන්නන්) රූපවාහිනි (නරඹන්නන්) හා පුවත්පත් (පාඨකයන්ගේ) අවධානය වැඩිවීමෙන් අනුග්‍රාහකත්වයන් ලබාගැනීමට වැඩිපුර අවස්ථාව උදාවන්නේ යැයිද සුමතිපාල මහතා කීවේය.

ක්‍රිකට් ආයතනයේ සභාපති මේ අදහස් පළ කලේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාකිස්තාන – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට සුභ පැතීම සඳහා පැවැති සුහද හමුවකදීය.

_D3S4210x

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔවුනගේ සංස්කෘතිය අනුව මීට වසර 15කට පමණ පෙර එතරම් ප්‍රබල තත්ත්වයක පසුවුයේ නැහැ.  එහෙත් අද ඔවුන් දක්ෂ කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.  තවත් වසර 10-15ක් පමණ වනවිට ඔවුන් ජාත්‍යන්තර දක්ෂම කණ්ඩායමක් වේවි.  ශ්‍රී ලංකා කාන්තා පිල මේ තරගාවලියේ ඕවර 50 තරගවලදී අසාර්ථක වූවත් 20-20 ප්‍රථම තරගයේ තියුණු සටනක නිරත වූවා.  අපට අවශ්‍යවන්නේ තියුණු තරග දැකීමයි.  එතෙර මෙතෙර සංචාර ඉහළම ක්‍රීඩාංගණ පහසුකම් නවාතැන් ක්‍රීඩා උපකරණ පහසුකම් ආදි කාන්තා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් අප ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් වැයකර ඇතත් ආපසු ලැබී ඇති ප්‍රතිඵල ප්‍රමාණවත් නෑ.

ශ්‍රී ලංකා පාසල් මහා ක්‍රිකට් තරග බෙහෙවින් ජනප්‍රියයි.  එම තරග නැරඹීමට ලක්ෂ පහක පමණ ජනකායක් පැමිණෙනවා.  අප බාලිකා පාසල් 24ක් අතර මෙවැනි තරග පැවැත්වීමෙන් පසු දැන් තරුණ ක්‍රීඩිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් ඇතිවී ඇතැයි ද සුමතිපාල මහතා කීය.

ක්‍රීඩාවට විනය ඉතා වැදගත් ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකර තිබෙනවා.  ක්‍රීඩකයන් දෙතුන්දෙනෙකු මීට දින කිහිපයකට පෙර පන්දු පළුදු කිරීමේ සිද්ධියෙන් රටටම කැළලක් ඇතිවූවා.  මෙවැනි සිදුවීම් තවත් රටවල් කිහිපයකින්ම අතීතයේ වාර්තා වූවා.

විනයගරුකව තරගකාරීත්වයක් ඇතිව දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතියක් දැකිය හැකිවන්නේ යැයිද සුමතිපාල මහතා සඳන් කළේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombotelegraph.com

[…]The post Top 7 Screen Recorder Software In 2024 appeared first on Colombo Telegraph.

- adaderana.lk

Friday, April 19, 2024, was a special day for K. Nalini, as the 38-year-old homemaker from the Kottapattu camp for Sri Lankan refugees in Tiruchi district, became the first naturalised Indian national from her community to exercise her franchise at the booth at St. Lourdes Primary School.

- colombogazette.com

Catholic priest, Rev. Fr. Cyril Gamini Fernando, said that he shared vital information with the Criminal Investigations Department (CID) today related to the Easter Sunday attacks. Rev. Fr. Cyril Gamini Fernando said that if the CID conducts a proper investigation into the claims he made, it will lead to further revelations on those behind the […]

- adaderana.lk

Japan s benchmark Nikkei Stock Average on Friday morning fell as much as 1,346.7 yen, or 3.5%, from the previous day s close as market players reacted to reports of Israel striking Iran with missiles.

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc