සුපිරි හතර තරග දෙක ජය පරාජ නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතිඅන්තයේ (මාර්තු 30-අප්‍රේල් 2) සිව්දින තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවය. මෙසේ නිමාවට පත්වූයේ සූරියවැවදී පැවැති ගාල්ල හා කොළඹ තරගයත් කටුනායක දී පැවැති මහනුවර හා දඹුල්ල අතර තරගයත්ය.
මෙහිදී ලකුණු අතර සිටි පිතිකරුවන් වූයේ රොෂේන් සිල්වා (ගාල්ල -231යි) දසුන් ශානක (ගාල්ල -95යි) ළහිරු තිරිමාන්න (කොළඹ -125) අෂාන් ප්‍රියංජන් (දඹුල්ල -156) සචිත්‍ර සේනානායක (දඹුල්ල -125) මහේල උඩවත්ත (මහනුවර 97යි) නිරෝෂන් දික්වැල්ල (මහනුවර -112යි) යන පිතිකරුවෝය.
තරග ප්‍රතිඵල
- සූරියවැවදී පැවැති ගාල්ල-කොළඹ තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය.
මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 476ක් ලබාගත් අතර, ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම මුල් ඉනිමේ දී ලැබුවේ ලකුණු 333කි. තරගය නතර කරන විට ගාල්ල දෙවන ඉනිමේදී කඩුලු තුනකට ලකුණු 177ක් ලබාසිටියේය.
ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා පන්දු 392කදී හතරේ 16ක් සමග ලකුණු 231ක්ද දසුන් ශානක පන්දු 157කදී හතරේ අටක් සමග ලකුණු 95ක්ද ලැබූහ. රොෂේන් සිල්වා පස්වන කඩුල්ලට දසුන් ශානක සමග ලකුණු 202ක සබඳතාවක්ද හයවන කඩුල්ලට පී. ද සිල්වා සමග ලකුණු 97ක්ද එක්කළහ. කොළඹ කණ්ඩායමේ ළහිරු තිරිමාන්න පන්දු 258කදී හතරේ අටක් සමග ලකුණු 125ක්ද ධනංජය ද සිල්වා පන්දු 359කදී හතරේ 13ක් සමග ලකුණු 66ක්ද වාර්තා කළහ. මෙහි හොඳම සබඳතා වූයේ තිරිමාන්න සහ ධනංජය ද සිල්වා තෙවන කඩුල්ලට එක්කළ ලකුණු 92ත් හත්වන කඩුල්ලට තිරිමාන්න හා කේ. අංජුල එක්කළ ලකුණු 79ත් අටවන කඩුල්ලට තිරිමාන්න හා එල්. ඇඹුල්දෙනිය ලැබූ ලකුණු 81ත්ය.
ගාල්ල දෙවන ඉනිමේදී සධීර සමරවික්‍රම සහ බී. කේ. මිලන්ත තෙවන කඩුල්ලට ලකුණු 147ක නොබිඳුණු සබඳතාවයක් තබාගත්හ. බී. කේ. මිලන්ත පන්දු 160කදී හතරේ හතක් සමග ලකුණු 74ක්ද එස්. සමරවික්‍රම පන්දු 139කදී හතරේ අටක් සමග ලකුණු 77ක්ද නොදැවී ලබා සිටියහ.
ගාල්ල මුල් ඉනිම 476යි. රොෂේන් සිල්වා 231, දසුන් ශානක 95යි, පී. සී ද සිල්වා 47යි. කේ. අංජුල 52ට2 එම්. පෙරේරා 106ට 3යි. කොළඹ මුල් ඉනිම 133යි. ධනංජය ද සිල්වා 66යි, ළහිරු තිරිමාන්න 125යි, කේ. අංජුල 46යි, එම්. දිල්ෂාඩ් 49ට2, ඒ. ධනංජය 61ට3යි, පී. සී. ද සිල්වා 22ට 2යි.
ගාල්ල දෙවන ඉනිම කඩුලු 3යි 177යි. බී. කේ. මිලන්ත 74යි (නොදැවී) එස්. සමරවික්‍රම 77යි (නොදැවී) එම්. වී. ප්‍රනාන්දු 24ට 2යි.
- දඹුල්ල – මහනුවර තරගය ජය පරාජයෙන් තොරව කෙළවරවිය.
දඹුල්ල අටවන කඩුල්ලට අෂාන් ප්‍රියංජන් සහ සචිත්‍ර සේනානයක ලකුණු 91ක්ද හයවන කඩුල්ලට ප්‍රියංජන් හා සරත්චන්ද්‍ර ලකුණු 98ක්ද මහනුවර සිව්වන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල හා පී. ඒ. පෙරේරා ලකුණු 132ක්ද මහනුවර දෙවන ඉනිමේදී තෙවන කඩුල්ලට දික්වැල්ල සහ උඩවත්ත නොබිඳි ලකුණු 127ක්ද රැස්කළහ.
දඹුල්ල මුල් ඉනිම 480යි. දිමුත් කරුණාරත්න 71යි, අෂාන් ප්‍රියංජන් 156යි, ඩී. සරත්චන්ද්‍ර 57යි, එච්. ජයරත්න 35යි, එස්. සේනානායක 105යි, ළහිරු කුමාර 105ට3යි, සී. ඒ. රාජිත 89ට 3, සී. කරුණාරත්න 80ට2. මහනුවර මුල් ඉනිම 364යි. එම්. උඩවත්ත 97යි, එන්. දික්වැල්ල 112යි. පී. ඒ. පෙරේරා 62යි, පී. එල්. ගමගේ 71ට5යි. එස්. සේරසිංහ 39ට2. දඹුල්ල දෙවන ඉනිම 256යි. ඩී. කරුණාරත්න 40යි, එස්. සේරසිංහ 37යි, මිලින්ද සිරිවර්ධන 71යි, සචිත්‍ර සේනානායක 60යි, සී. රාජිත 49ට3යි, ළහිරු කුමාර 61ට3, එන්. ජයසූරිය 39ට 2.
- මහනුවර දෙවන ඉනිම කඩුලුල 2ට 221යි.
එම්. උඩවත්ත 103යි, එන්. දික්වැල්ල නොදැවී 56යි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-