දඹුල්ල – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩිකාවනට මුල් ඉනිමේ ජයග්‍රහණ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අවුරුදු 23න් පහළ අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ 2 වැනිදා පැවැති තරග දෙකේදී දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම මුල් ඉනිමේ ජයග්‍රහණ අත්කරගත්හ.
කොළඹ හා දඹුල්ල අතර තරගයේ දී කොළඹ ලකුණු 81කට දැවී ගිය අතර, දඹූල්ල කඩුලු පහකට ලකුණු 102ක් ලැබීය. ගාල්ල සහ මහනුවර අතර තරගයේදී ගාල්ල කණ්ඩායම මුල් ඉනිමේ ජයග්‍රහණයක් අත්කරගත්හ.
- දඹුල්ල කණ්ඩායම කොළඹ පරදා මුල් ඉනිමේ ජයග්‍රහණයක් ලැබීය.
කොළඹ කණ්ඩායමේ හසිනි පෙරේරා ලකුණු 41ක්ද දඹුල්ල කණ්ඩායමේ හර්ෂීතා මාධවී නොදැවී ලකුණු 51ක්ද ලබා වැඩිම ලකුණු වාර්තා කළහ. දඹුල්ල පිලේ ජිනංජලී විජේනායක ලකුණු 13කට කඩුලු පහක්ද කොළඹ කණ්ඩායම් සඳනි තිවංකා ලකුණු 40කට කඩුලු තුනක්ද දවාලූහ.
කොළඹ මුල් ඉනිම 81යි. හසිනි පෙරේරා 41යි. ජනංජලී විජේනායක 13ට 5යි, පූර්ණිමා සෙව්වන්දි 13ට 2යි. දඹුල්ල මුල් ඉනිම කඩුලු 5ට 102යි. හර්ෂිතා මාධවී නොදැවී 51යි අංජලී ජනිතා නොදැවී 21 සඳනි තිවංකා 40ට 3.
- ගාල්ල කණ්ඩායම මහනුවර පරදා මුල් ඉනිමේ ජයක් ලැබීය.
ගාල්ල කණ්ඩායම් සත්‍යා සන්දීපනී ලකුණු 60ක්ද නිලක්ෂණා සඳමිනි ලකුණු 49ක්ද මහනුවර කණ්ඩායමේ මල්ෂා ශෙහානි ලකුණු 44ක්ද ලබාගත්හ. මල්ෂා ශෙහානි තුන් ඉරියව්වේම දස්කම්පාමින් පන්දු යැවීමේ දී ලකුණු 33කට මහනුවර කඩුලු හයක් බිඳදැමීය.
ගාල්ල මුල්ඉනිම 183යි. සත්‍ය සන්දීපනී 60, නිලක්ෂණා සඳමිණි 49, මල්ෂා ෂෙහානි 33ට 6යි, සයානි ඕෂදී 44ට 4යි. ගාල්ල දෙවන ඉනිම කඩුලු 6ට 90යි. සත්‍ය සංදීපනි 26 ඉරේෂා දයානන්ද 16ට 2. මහනුවර මුල් ඉනිම 112යි. මල්ෂා ශෙහානි 44, සයනි ඕෂදී 28, කවීෂා දිල්හාරි 26ට 3යි, සත්‍ය සංදීපනී 14ට 2.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-