මහනුවර කාන්තා පිලට මුල් ඉනිමේ ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් කාන්තා සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේදී මහනුවර කණ්ඩායම දඹුල්ල පරදා මුල් ඉනිමේ ජයග්‍රහණයක් අත්කරගත් අතර ගාල්ල හා කොළම තරගය ජය පැරැදුමින් තොරව කෙළවර විණි.
මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදීත් ගාල්ල කණ්ඩායමේ නිලක්ෂණා සඳමිණිත් මේ තරග දෙකේදී දස්කම් පෙන්වීමට සමත් වූහ. මෙම තරග දෙකේදීම කිසිදු පිතිකාරිණියකට අර්ධ ශතකයක් කරා යාමට අවස්ථාව නොලැබිණි.
- ගාල්ල හා කොළඹ අතර තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය.
කණ්ඩායම් දෙකම ඉතා අඩු ලකුණු සංඛ්‍යා රැස්කළ මේ තරගයේ ගාල්ල පිල ලකුණු 53කට කොළඹ පිල සීමා කළත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 54 හඹා යද්දි තරගය නතර කරන විට ඔවුන් කඩුලු නවයක් දැවී ලබාසිටියේ ලකුණු 52ක් පමණෙකි.
කණ්ඩායම් දෙක අතරින් ලකුණු අතර සිටි එකම පිතිකාරිණිය වූයේ ගාල්ල කණ්ඩායමේ නිලක්ෂණා සඳමිණි පමණෙකි. තම කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වඩා රැස් කිරීමට සමත්වූ ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 31කි. පන්දු යවන්නියන් අතරින් කැපී පෙනුණු ගාල්ල කණ්ඩායමේ සචිනි නිසංසලා ලකුණු හයකට කඩුතු තුනක්ද, කොළඹ කණ්ඩායමේ තාරිකා සෙව්වන්දි ලකුණු 19කට කඩුලු හතරක්ද දවාලූහ.
ලකුණු විස්තරය
කොළඹ මුල් ඉනිම 53යි. ජනදි අනාලි 19යි සචිනි නිසංසලා 6ට 3යි සත්‍යා සංදීපනී 9ට 2යි. ගාල්ල මුල් ඉනිම කඩුලු 9ට 52යි. නිලක්ෂණා සඳමිනි 31යි. තාරකා සෙව්වන්දි 19ට 4, ජනදි අනාලි 2ට2 නිමේෂා මධුෂානි 16ට 2යි.
- මහනුවර මුල් ඉනිමේ දී දඹුල්ල පරාජය කළේය.
මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදී මේ තරගයේදී තුන් ඉරියව්වේදීම දස්කම් දැක්වූවාය. ඇය ලකුණු 46ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුලු පහක් ද බිඳදැමුවාය.
ලකුණු විස්තරය මහනුවර මුල් ඉනිම කඩුලු 9ට 126යි. සයනි ඕෂදී 46යි, කවිඳි පාරමී 19, නිමේෂා තිමේෂනී නොදැවී 19, ශෂිනි ප්‍රනාන්දු 29ට 3යි. මහනුවර දෙවන ඉනිම කඩුලු 5ට ලකුණු 30යි. සයනි දිනේෂිකා 9ට 3යි. දඹුල්ල මුල් ඉනිම 49යි. ළිහිණි අප්සරා 14, සයනි ඕෂදී 18ට 5, නිමේෂා තිමේෂනී 8ට 2යි.
– බන්දුල මොල්ලිගොඩ –