කාන්තා ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව මල්ෂා ෂෙහානි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් කාන්තා සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ සූරතාව මහනුවර කාන්තා කණ්ඩායම දිනාගත්තේය. මෙහි අනුසූරියන් වූයේ ගාල්ල කාන්තා ක්‍රිකට් කණ්ඩායමය.
තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස තේරුණේ මහනුවර කණ්ඩායමේ මල්ෂා ෂෙහානිය. හොඳම පිතිකාරිණිය ලෙස ගාල්ල කණ්ඩායමේ සත්‍ය සංදීපනීත් හොඳම පන්දු යවන්නිය ලෙස මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදීත් සම්මාන දිනූහ.
මේ අතර මේ තරගාවලියේ ගාල්ල සහ දඹුල්ල අතර පැවැති තරගයේ දී ගාල්ල මුල් ඉනිමේ ජයක් ලැබීය. අනෙක් තරගයේ දී මහනුවර පිල මුල් ඉනිමේ ජයක් ලැබුවේ කොළඹ කණ්ඩායම පරාජය කරමිනි.
තරග ප්‍රතිඵල –
ගාල්ල මුල් ඉනිමේ දී දඹුල්ල කණ්ඩායම පරාජය කළේය.
දඹුල්ල මුල් ඉනිමේ දී ලකුණු 87යි. ශෂිනි ප්‍රනාන්දු 19, ළිහිණි අප්සරා 18, කවීෂා දිල්හාරි 19ට 3, සත්‍යා සංදීපනී 24ට 4යි.
ගාල්ල මුල් ඉනිම කඩුලු 9ට 88යි. ලංකා මෙන්ඩිස් 20යි, ඉරේෂා චතුරානි 17, ශෂිනි ප්‍රනාන්දු 29ට 4.
මහනුවර කණ්ඩායම මුල් ඉනිමේදී කොළඹ පරාජය කළේය.
කොළඹ මුල් ඉනිම 118යි. හෂනි පෙරේරා 27, තාරිකා සෙව්වන්දි 23, මල්ෂා ෂෙහානි ලකුණු 29ට කඩුලු 4යි.
මහනුවර කඩුලු 6ට ලකුණු 141යි. උමේෂා නිමේෂානි 48යි, මල්ෂා ෂෙහානි නොදැවී 48, තාරිකා සෙව්වන්දි 31ට 2, මල්ෂා රත්නතුංග 23ට 2යි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවනට ත්‍යාග ප්‍රදානය බන්දුල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි. තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව වූ මහනුවර කණ්ඩායමේ මල්ෂා ෂෙහානි කොළඹ සමග පැවැති තරගයේදී තුන් ඉරියව්වේම දස්කම් පාමින් ලකුණු 29කට කඩුලු හතරක් දවා පසුව නොදැවී ලකුණු 48ක් රැස් කළාය.
– බන්දුල මොල්ලිගොඩ –