වැරදි තෝරාගැනීම හෙවත් දිවි පාර්ශවික ලණු කෑම

- vikalpa.org

[Image Credit: Udaya Gammanpila Media Unit | ආරක්ෂක ලේකම්වරයා ගම්මන්පිලගේ මැතිවරණ වේදිකාවේ]

සෑම විටම රටේ සිදුවන දේශපාලන සිදුවීමකින් දේශපාලන වාසි ලබා ගැනීමට නොයෙකුත් කණ්ඩායම් බිහි වූ බව ඕනෑම තැනකින් හමුවන සාක්ෂියක් වේ. ලංකාවටද එය පොදු ලක්ෂණයකි. උතුරේ මෙන්ම දකුණේද එසේම නැගෙනහිර, මධ්‍යම සහ බටහිර ආදී සෑම පළාතකම මෙය ඒ ආකාරයෙන්ම සිදුවිය. මෙම වාසි ලබා ගැනීමේ කල්ලිවාදය හේතුවෙන් රටේ දේශපාලනය නමැති පෘථුල විෂයෙහි ප්‍රයෝගික විනය පිරිහී ගිය අතර එය ඥාති සංග්‍රහය සහ වෙනත් සුළු අභිමතාර්ථයන් මත ගොඩ නැගෙන්නක් බවට පත් විය.

ජාතික හෙළ උරුමය මෙම සමාජ අනතුරුදායක තත්වයන් මධ්‍යයේ තම පුද්ගලික වාසිය සඳහා උපරිම උත්සාහය දැරූ කණ්ඩායමක් වේ. එය විටින් විට ඇතිවන දේශපාලන තත්වයන් වඩාත් කෛරාටක ලෙස ප්‍රයෝජනයට ගත් කණඩායමකි. පක්ෂයෙන් පිට පමණක් නොව පක්ෂය අභ්‍යන්තරය තුළද එම කෛරාටක බව පවත්වාගෙන යෑම සඳහා එහි ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන කණඩායම සමත් විය. එය දේශපාලනයක් නොව වෙළඳාමක ලෙස හැඩගන්වා වඩාත් සුක්ෂමව තම වපසරිය ව්‍යාප්ත කර ගැනීමට සමත් විය.

එම පක්ෂය පවත්වාගන්නා උපායශීලීභාවය රටේ යහපතට කිසිඳු හේතුවක් නොවන නමුත් එම පක්ෂයේ පෞද්ගලික වාසිය සඳහා හේතුවන බව අමතුවෙන් කිව යුතු නොවේ. එම පක්ෂයට රැකගත යුතු ජාතියක් හෝ ආගමක් තිබේනම්, එය ඇත්තේ ලංකාවේ නොව තෝමස් මෝර් හඳුන්වාදුන් යෝටෝපියාව වැනිම වූ ලෝකයේ වෙනත් පිටෝපියාවකය. මෙය, ජාතිය සහ ආගම ලෙස හැඩගන්වා නිර්මාණය කරනු ලැබූ මායාවකින් රටේ සිංහලයින් මෝඩයින් කොට ඔවුන්ව වෛරය නමැති වෙන්වීමට සිතෙන මානසික ව්‍යාකූල භාවයකට ඇද දමමින් සිදුකරන දේශපාලනයකි. පක්ෂයේ ප්‍රධාන උපාය කේන්ද්‍රගත වන්නේ එම මුලික රාමුව තුළ වන අතර එය රසවත් ලණුවක් ලෙස අනුභව කිරීමට ඉඩසැලසීම සහ පසුව තමන්ට රිසි සේ අදාළ ගොදුරට නාස් ලණුවක් දමා මෙහෙයවීමට පක්ෂය සමත් වේ.

එය බොහොමයක් මිනිසුන් අරම්භයා අදාළ පක්ෂය අත්හදා බැලීමට යන්ත දැරූ උපායකි. පක්ෂයට දුප්පතුන්ගෙන් වැඩක් නැත. පක්ෂය අරමුණු කොට ඇත්තේ වත්මන් දේශපාලනය මෙහෙවන කණ්ඩායම සහ එම කණ්ඩායමට තම බලය පෙන්වීම සඳහා පෙන්විය හැකි මධ්‍යම පාන්තික කණ්ඩායමකි. එය ආකර්ෂනීය උපායක් වන අතර බැලූ බැල්මට පක්ෂයට සැබෑ දේශප්‍රේමී මුහුණුවරක් ලබාදීමට එම හැඩගැන්වීම සමත් වී තිබේ. නමුත් අභ්‍යන්තර ව්‍යුහය මීට හාත්පසින්ම වෙනස් වූ ව්‍යාකූල මෙන්ම රටේ සැබෑ ගැටලු වෙනුවෙන් පෙනී නොසිටින සහ ඊට කිසිඳු වුවමනාවක් නැති කණ්ඩායමකි.

මොවුන්ගේ මෙම ලණුව යළි හැරවිය නොහැකි ලෙස අනුබව කළ පුද්ගලයා ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂය. ඔහු මෙරටට පැමිණි විගසම නාස් ලණුව දමා ගැනීමට හෙළ උරුමයට හැකි විය. එහි ඇති වඩාත් සිත් ඇදගන්නා සුළු දේශපාලන කාරණය වන්නේ එවැනි නාස් ලණුවක් ලේකම් නන්දසේන රාජපක්ෂට අවශ්‍ය වී තිබීමය. එම නාස් ලණුව දිගේ තමන්ට අවශ්‍ය “දේශප්‍රේමී” ශක්තියත්, ට්‍රෝජන් වීරත්වයත් ලැබෙන බව ඔහුගේ නිශ්චිත විශ්වාසය විය. සැබවින්ම එය සිංහල බෞද්ධයින් අතර ප්‍රචලිත වූවා පමණක් නොව, ලේකම් නන්දසේන රාජපක්ෂ ක්ෂණික ප්‍රසිද්ධියට සහ වීරත්වයට පත්විය.

ඉන් පසු පමණට වඩා මර්ධනය සඳහා ඔහුට ලැබුණු බලය හමුවේ, ජාතික හෙළ උරුමය තම සගයා ලෙස පවත්වා ගැනීමට හෙතම සමත් වූවා පමණක් නොව, කුමන දේශපාලන අකමැත්ත තිබුණද හෙළ උරුමයද හෙතම තම නොනිල උපදේශකයා ලෙස හැඩ ගැන්නුවේය. මෙය දිවි පාර්ශවික ලණු කෑම හෙවත් ලණුවේ එක පැත්තකින් ලේකම් නන්දසේන රාජපක්ෂත් අනෙක් පැත්තෙන් හෙළ උරුමයත් කෑමට පටන් ගැනීමකි. මෙය ඔවුන්ගේ මුහුණවල් එකිනෙකට ගෑවෙන තෙක් අඛණ්ඩව අනුභව කිරීමට දෙපාර්ශවයම කටයුතු කළහ. මෙහි උච්චතම අවස්ථාව වූ කලී මෙවර පළාත් සභා මැතිවරණයයි.

හෙළ උරුමයට තම පක්ෂයෙන් තරග වැදුණහොත් එම පක්ෂයේ ඉතිහාසය තුළ දරුණුම පාරාජයට එම පක්ෂය ගොදුරු වනු ඇත. එය මඟහරවා ගැනීම සඳහා මීයන් ගුලකට රිංගන්නා සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට තීරණය කළේය. මෙය එම පක්ෂය දේශපාලනික වශයෙන් ගත් කෛරාටක තීරණයකි. ඉන් කිසිඳු අවාසියක් අදාළ පක්ෂයට සිදු නොවේ. එසේම ඊට සහයෝගය දීම සහ හැකි උපරිමයෙන් පෙනී සිටීම හැර, ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂට වෙන විකල්පයක් නැත. මන්ද ඔහු ලණුව අනුභව කොට හිරවී සිටින බැවිනි. ඉන් ගැලවීම රාජපක්ෂ විසින්ම ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ මීළඟ අරමුණ පක්ෂයේ මූසිල පළාත්සභා මහපුටුවට දක්කාගෙන ඒමය. මන්ද ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂට අනුව මූසිල තමාට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන අවැසි දිසාවට අවැසි කලදී නැමෙන සුනම්‍ය සහ සුමට චරිතයකි. නමුත් මූසිල තමන් මූසිල බවත් බලය ඇත්තා විසින් කලු කපුටෙක් පෙන්වා රතු යයි පැවසුවද එය ඔහු ඉදිරියේ ඍජුව රතු යැයි පිළිගෙන තම බහිශ්‍රාව්‍ය කෘත්‍ය ඉටුකරනවිට ඔහුට සිනහවෙන අයෙකි. මෙම ක්‍රමෝපාය භාවිතා කරමින් පළාත් සභාවේ මහපුටුව රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර අරගලයක් බවට පත් කිරීමට අදාළ පක්ෂය සමත් විය.

ඒ සඳහා පක්ෂය විසින්ද ක්‍රමෝපායික වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින්නේය. එය ඍජුවම යාකොට ඇත්තේ උතුරු පළාතේ මහා ඇමති හිටපු විනිසුරු සී. වී. විග්නේශ්වරන් කරණ කොට ගනිමිනි. මෙහි පළමු පියවර වූයේ විග්නේශ්වරන් තවත් ඇන්ටන් බාලසිංහම් කෙනෙකු කිරීමය. එය චම්පික රණවක විසින් පළමුව සිදු කළේය. ඉන් පසු විග්නේශ්වරන් , ප්‍රභාකරන්ටත් වඩා දරුණු අයෙක් බව එම පක්ෂයේ අනෙක් අයවලුන් ගෙන හැර පෑවේය. මේ අතර විග්නේශ්වරන් සමඟ සටන්කළ හැකි එකම පුද්ගලයා තම පක්ෂයේ නියෝජිතයා හෙවත් මූසිල බව එම පක්ෂය විසින්ම නිර්මාණය කළ මතයක් ඉදිරියට දැමුවේය. මහඇමති විග්නේශවරන් සමඟ සටන්කිරීම සඳහා පෞද්ගලික වාසියට නැමියාවක් දක්වන අයෙක් ගෙන ඒම අවාසනාවක් පමණක් නොව එය නොගැලපෙන සහ හානීදායක වැඩපිළිවෙලකි. එය කදිම විහිලුවක්ද වේ.

කෙසේ වෙතත්, රට යළිත් අස්ථාවර කිරීමේ උපායක් ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ හෝ එම පවුලේ අයවලුන් අතර තිබේනම් මෙය කදිම තෝරා ගැනීමකි. මන්ද මෙමඟින් උතුර සහ දකුණ අතර යළිත් අතිශය සංකීරණ දේශපාලන කලබගෑනියක් හට ගන්නා හෙයිනි. උතුරේ පවතින දේශපාලන ප්‍රවණතාවයට නිවැරදිව මුහුණ දීම සඳහා ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ පළමුව කළ යුත්තේ තමා අනුභව කළ ලණුව පහසුවෙන් දිරවීම සඳහා විරේක ගැනීමය. එය කළ හැක්කේ අවංක චේතනාවක් තිබේනම් පමණි.

මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයකි. නීතියක් පොතට පමණක් සීමා වූ රටක නිතී උල්ලංඝනයන් ගැන පුදුම විය යුතු නැත. එය විලිලජ්ජා නැති කම සහ බලය ඇතිවිට එය අවලස්සන ලෙස භාවිතා කිරීමය. කෙසේ වෙතත් රාජපක්ෂට අනුව මේ වන විටත් අදාළ මැතිවරණයේ නියම ජයග්‍රාහකයා තෝරාගෙන අවසානය. එය මනාප මත පමණක් තීරණය වන්නක් නොවන බව ඔහුගේ මතයය. ඒ අතර ඔහුගේ එකත්පසෙකට වී, අදාළ කැබිනට් මණ්ඩලයේ තාක්ෂණික ඇමතිවරයා, වලාකුළු කර්මාන්ත ශාලා ( ක්ලවුඩ් ෆැක්ටරි ) තැනීම සඳහා සිහින දකිමින් සිටින්නේය. කර්මාන්ත ශාලාවක් ඇතිකරනු ලබන ප්‍රදේශයක අවට ජීවත්වන ජනතාවට පිරිසුදු පානිය ජලය දීමටවත් නොහැකි වටපිටාවක එවැනි සිහින ධර්මරාජයේ සිහිනම යැයි. මෙම සියලු ලස්සන සහ අවලස්සන දේශපාලන ගුණ්ඩු වලින් ආණ්ඩුව තම මහා ඇමතිවරයා තෝරා ගෙන විදේශීය වශයෙන් පවතින අතිශය තීරණාත්මක ආරවුල තවදුරටත් රටේ අවාසියටම පෙරළනු ඇත. එය නිවැරදි කිරීමට ආණ්ඩුවේ නායකයාට හෝ ඔහුගේ ආරක්ෂක ලේකම් වරයාට වුවමනාවක් තිබෙන්නේ දැයි ඉදිරි දින කිහිපයේදී නිරීක්ෂණය කළ හැකිය.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa

You may also like

- colombogazette.com

Former Deputy Minister Palitha Thewarapperuma passed away after being electrocuted, the Police said. The former United National Party (UNP) MP was electrocuted in his garden and was admitted to hospital. He passed away on admission to the Kalutara Hospital. Thewarapperuma was appointed as the Deputy Minister of Internal Affairs, Wayamba Development and Cultural Affairs in […]

- colombogazette.com

President Ranil Wickremesinghe assured solutions to plantation workers during a walk along the Pekoe Trail in Nuwara Eliya. The “Pekoe Trail” spans 300+ km through the Central Highlands of Sri Lanka, regarded as one of Asia’s best-kept secret routes. Originating from the renowned city of Kandy, it extends south towards the Hatton and Horton Plains […]

- island.lk

Former Deputy Minister and former UNP parliamentarian Palitha Thewarapperuma has passed away under tragic circumstances at the age of 64 years, according to sources.

- island.lk

Heavy rains and flash floods have swept parts of the Gulf region, killing at least 18 people in Oman and causing travel disruption in the United Arab Emirates (UAE). In Oman, the death toll announced on Tuesday included at least nine schoolchildren and their driver whose vehicle was washed away by the floodwaters in Samad […]

- island.lk

President Ranil Wickremesinghe visited the Court Lodge Estate, owned by the Udupusellawa Plantation Company in Nuwara Eliya this morning (16) to explore opportunities for the revival of the tourism industry around the picturesque hills of Nuwara Eliya. The President commenced his journey by traversing a distance of 3.2km along the historic Pekoe Trail.  The “Pekoe […]

- island.lk

On 19 April, Indians will begin choosing a new parliament for the next five years, as Prime Minister Narendra Modi seeks a third consecutive term. Opinion polls put his Bharatiya Janata Party (BJP) and its allies ahead. They are up against the Indian National Developmental Inclusive Alliance (India), which groups more than two dozen opposition […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc