ජනාධිපතිවරයාගේ වැරදි ආදර්ශය

- colombotelegraph.com

ෂාමිනී සේරසිංහ -

ෂාමිනී සේරසිංහ

ෂාමිනී සේරසිංහ

බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත.

මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු, තමාගේම ආගමට වුවත්, වැඩි කිට්ටුකමක් ප‍්‍රසිද්ධියේ නොපෑ යුතුය. ආගම වෙනුවෙන් සිය ගරුසර භාවය ප‍්‍රදර්ශනය කළ යුතුව ඇතැ යි ඔහු විශ්වාස කරන්නේ නම්, එය අනිත් ආගම් සමග ද බෙදාහදා ගත යුතුව තිබේ. මන්ද යත්, ඔහු බෞද්ධයන්ගේ පමණක් නොව, රටේ සියලූ ජනතාවගේ නායකයා වන බැවිනි.

එසේ හෙයින්, ඔබ බෝ ගසකට වඳිනු දැකීම, එය මෙරටේ බෞද්ධයන් බහුතරයකගේ වන්දනීය ගසක් වුව ද, බෞද්ධයෙකු වන මගේ හිත තදින් පාරවයි.

තවද, බෝ ගසකට වැඳීම මගින් ඔබ කරන්නේ විවෘතවම බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දීමයි. ද්‍රව්‍යයන්ට වන්දනාමාන කිරීම උන්වහන්සේ හෙළාදුටු සේක.

Maithri Sri Maha bodhi 1මෙවැනි දේවල්, කිසිවෙකුට හානියක් ගෙන නොදෙන අහිංසක සංස්කෘතික ක‍්‍රියාකාරකම් යැයි බොහෝ දෙනා කිව හැකිය. එසේ වතුදු, එවැනි ක‍්‍රියාකාරකම් බුද්ධාගම සමග ඈඳී ඇති බව අපි දනිමු. ඔබ බහු-ආගමික ජාතියක නායකයා වන බැවින්, වෙනත් ආගම් සමග නැති එවැනි එක ආගමක සංස්කෘතික ක‍්‍රියාකාරකම් සමග වැඩි නෑකමක් ප‍්‍රසිද්ධියේ පෑම සුදුසු නැත.

අපේ ආගමික විශ්වාසයන් වූ කලී අපගේ පෞද්ගලික කටයුත්තක් වශයෙන් සළකන බොහෝ දෙනෙක් අප අතර සිටිති. ඒවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම ශෝභන දෙයක් වශයෙන් ඔවුහූ නොසළකති. අවාසනාවකට, රටේ ජනතාව විසින් තෝරාගනු ලැබූ ජනාධිපතිවරයා වශයෙන් සිටින ඔබ වැන්නෙකු එවැනි හැඟීමකට නායකත්වය නොදෙන්නේ නම්, එවැනි ‘සංස්කෘතියක්’ අපගේ වැනි බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටක මුල් අදින්නේ නැත.

එපමණක් නොවේ: ඔබ ප‍්‍රසිද්ධියේ වඳින මේ බෝ ගස බුද්ධාගමේ සංකේතයකි. ඒ මගින් ‘බොදුබල සේනාව’ වැනි උන්මත්තක සංවිධාන පතුරුවන හිංසාවෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ සුළු ජාතියේ මෑත කාලීන තුවාල ද පාරයි.

ඔබට පෙර මේ රට පාලනය කළ ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංග සහ ඔබේම වර්තමාන අගමැතිවරයා වන රනිල් වික‍්‍රමසිංහ වැන්නන්ගෙන් මේ පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට ප‍්‍රමාද වැඩි නැත. ආගම, ඊට නිසි ස්ථානයේ තබන්න. රාජ්‍ය පාලනය හැකි තාක් එයින් ඈත් කර ගන්න.

ඔබව බලයට පත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළ අපි, ඔබේ වටිනා කාලය ගස්වලට වන්දනාමාන කරනවාට වඩා අර්ථවත් දේවල් සඳහා වැය කරමින්, මේ රට වඩාත් යහපත් තැනකට ගෙන ඒමට කටයුතු කරනු දැකීමට ආශා කරමු.

*2015 ජනවාරි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The President’s Faux Pas  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

You may also like

- colombogazette.com

The founder of the Sarvodaya Shramadana Movement of Sri Lanka, Dr. A.T. Ariyaratne, passed away, his family announced. He was 92-years-old. He passed away at a private hospital in Colombo, Tuesday. Ariyaratne was nominated to the Constitutional Council as a civil representative in 2015. He received the Ramon Magsaysay Award for Community Leadership in 1969, […]

- colombogazette.com

Sri Lanka’s Justice Minister Wijeyadasa Rajapakshe has not ruled out contesting the presidential polls. Rajapakshe said that he has been invited by a group of Sri Lanka Freedom Party (SLFP) members and religious leaders to contest to be the next President. The Justice Minister said that he will carefully consider the invitation and decide soon. […]

- adaderana.lk

Former Deputy Minister and former UNP parliamentarian Palitha Thewarapperuma has passed away at the age of 64 years, sources told Ada Derana.

- adaderana.lk

The founder of the Sarvodaya Shramadana Movement of Sri Lanka, Dr. A.T. Ariyaratne has passed away at the age of 93.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Eastern and North-Western provinces and Gampaha, Colombo districts for tomorrow (17).

- adaderana.lk

The Road Development Authority (RDA) says the expressways have generated an income of Rs. 235 million within the past six days from 10 - 15 April.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc