How can Sri Lankan charities find international donors and partners?

ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය හැකි මාර්ගය

- colombotelegraph.com

රයන් ගුඞ්මාන් -

මහාචාර්ය රයන් ගුඞ්මාන්

මහාචාර්ය රයන් ගුඞ්මාන්

ගිය සතියේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකට ශ‍්‍රී ලංකාවේ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණි. ඇමරිකානු පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවට ඇති හැකියාව ගැනත්, එසේ නඩු පැවරිය යුත්තේ මන්ද යන්න ගැනත් මගේ ලිපියෙන් සාකච්ඡුා කොට තිබුණි. ඇමරිකාව විසින් රාජපක්ෂට එරෙහිව එසේ නඩු පැවරීමෙන් හිටපු ආරක්්ෂක ලේකම්වරයාව ආරක්ෂා කර ගැනීමට තමන් කටයුතු කරන බව වර්තමාන අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා කියා තිබුණි. මගේ මේ ප‍්‍රතිචාරය ඒ ප‍්‍රකාශය ගැනයි.

රජයට අයත් ‘ඬේලි නිව්ස්’ පුවත්පත නියෝජ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශය වාර්තා කර තිබූ ආකාරයට එය පහත සඳහන් පරිදි වෙයි:

‘‘ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු වන නිසා, 1996 දී ඇමරිකාව සම්මත කරගත් යුද අපරාධ ආඥාපනත ප‍්‍රකාරව ඔහුට එරෙහිව එම රටේ නඩු පැවරිය හැකි බව සැබෑ ය. එහෙත් ලංකාවේ අධිකරණ බල සීමාව තුළ එසේ කළ නොහැකිය’’ යනුවෙන් ඔහු පැහැදිළි කොට තිබුණි.

‘‘අපේ අධිකරණ බල සීමාව තුළ වෙනත් රටකට තමන් රිසි සේ කටයුතු කිරීමට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව තුළ සිටින තාක් කල් ගෝඨාභය රාජපක්ෂ සුරක්ෂිත ය.’’ යනුවෙන් නියෝජ්‍ය ඇමති සේනසිංහ මහතා තවදුරටත් කරුණු පැහැදිළි කොට ඇත. මීට අදාළව දැනටමත් ශ‍්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරී ඇති තත්වය තුළ, අළුත් ආණ්ඩුව ඒ ගැන දරණ ස්ථාවරය කුමක්දැයි අසන ලදුව, ඔහු මෙසේ කීය: ‘‘අපේ ස්ථාවරය ඉතා පැහැදිළියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද ආධාර ඇතුව අපි අපේම වන දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.’’

Gotabaya Rajapaksaපවතින නීතිය යටතේ ගත් කල, ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටින්නේ නම්, ඇමරිකාව මගින් ඔහුට එරෙහිව යුද අපරාධ ගැන නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩුවට ඇති බව සැබෑව. එහෙත් ඒ එක කොන්දේසියක් යටතේ ය: එනම්, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඔහුට එරෙහිව නඩු පවරන්නේ නම් ය.

ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුමක්’ (චූදිතයෙකු හෝ වරදකරුවෙකු රටකින් තවත් රටකට භාර දීමට දෙරටක් එකඟ වී ඇති ගිවිසුමක්) ඇත්තේය. එම ගිවිසුමේ පළමු වැනි වගන්තිය අනුව, ‘‘ප‍්‍රත්‍යාහරණ අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට හෝ දඬුවම් ලබා දීමට ඇමරිකාවට අවශ්‍ය කරන පුද්ගලයෙකු එම රටට භාර දීමට’’ ශ‍්‍රී ලංකාව බැඳී සිටින්නේය. ඒ අනුව, ‘‘අපේ අධිකරණ බල සීමාව තුළ වෙනත් රටකට තමන් රිසි සේ කටයුතු කිරීමට හැකියාවක් නැති’’ බවට ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය ඇමතිවරයා කරන ප‍්‍රකාශය සැබෑවක් මුත්, මෙවැනි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කෙරෙහි කටයුතු කිරීමට ඇමරිකාවට බලයක් ඇති බව ශ‍්‍රී ලංකාව දැනටමත් පිළිගෙන තිබෙන බවත් සැබෑවකි.

අප කතා කරන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාව ඇමරිකාවට භාර දීමට හැකියාවක් පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා පිළිගන්නවා ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව තුළ සිටින තාක් කල් ඔහු සුරක්ෂිත වන්නේය’’ යනුවෙන් නියෝජ්‍ය ඇමතිවරයා කියන විටම එයින් ගම්‍ය වන්නේ, ඇමරිකාව සමග ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුමකට’ එළඹ ඇති වෙනත් රටකට යාම පවා ගෝඨාභය රාජපක්ෂ මහතාට අවදානම් සහගත වන බව ඔහු පිළිගන්නා බවයි. මේ නීතියට අදාළ කරුණු අනුව සළකන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සති අන්තයකට වුව – යම් සම්මන්ත‍්‍රණයක් හෝ දරුවෙකුගේ උපාධි ප‍්‍රදානෝත්සවකයක් සඳහා ලන්ඩන් නුවරට යාමත් ඇඟට ගුණ නැත. සමහර විට, ඔහු නොදැනුවත්වම, ඔහුව තමන්ගේ රටට භාර දෙන ලෙස ඇමරිකාව විසින් ඉල්ලා මුද්‍රා තැබූ වරෙන්තුවක් බි‍්‍රතාන්‍ය බලධාරීන්ගේ අතේ තිබෙන්නට පුලූවන. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව අතර අත්සන් තබා ඇති ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුම’ ප‍්‍රකාරව, එහිදී බි‍්‍රතාන්‍ය බලධාරීහූ ඔහුව ඇමරිකාවට භාර දීමට බැඳී සිටිති.

කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීමේ වගකීමෙන් ‘ගැලවීමේ’ එක් නීතිමය මගක් තිබේ.

ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කොට ඇති ද්වි-පාර්ශ්වීය ප‍්‍රත්‍යාහරණ ගිවිසුම මගින් යමෙකු ‘ද්විත්ව උපද්‍රවයට’ පත්කිරීමේ අවස්ථා බැහැර කෙරේ. එනම්, එකම පුද්ගලයෙකුට එකම අපරාධයකට දෙවරක් නඩු පැවරීමෙන් වැළැකිය යුතු බවයි. එම ගිවිසුමේ 5 වැනි වගන්තියට අනුව, අදාළ පුද්ගලයා ඔහුගේ රටේ දැනටමත් අදාළ වරද සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ, ‘වරදකරු වී හෝ නිදහස් වී හෝ ඇත්නම්’ එම පුද්ගලයාව දෙවැනි රටකට භාර දීමට ඔහුගේ රට බැඳී නැත. එහෙත් ඒ සඳහා පරිපූර්ණ වූත්, විශ්වසනීය වූත් දේශීය නඩු විභාගයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේය. ඉහත කී 5 වැනි වගන්තියම තවදුරටත් පැහැදිළි කරන පරිදි, ‘දේශීය බලධාරීන් අදාළ පුද්ගලයාට එරෙහිව නඩු නොපවරන්නේ නම් හෝ ඔහුට එරෙහිව ආරම්භ කෙරුණු නඩු ක‍්‍රියාවලියක් අතරමග නතර කරන්නේ නම්, ඔහුව දෙවැනි රටට භාර නොදී සිටීමේ අයිතියක් පළමු රටට නොලැබෙන්නේය. එයින් අදහස් වන්නේ ශ‍්‍රී ලංකාව අවසානයක් දක්වා එම නඩුව ගෙන යා යුතු බවයි.

කෙටියෙන් කිවහොත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ශ‍්‍රී ලංකා ආණ්ඩුව නඩු පවරන්නේ නම්, ඇමරිකාවට ඔහුව භාර දීමෙන් ආරක්ෂා කරගත හැකි වන්නේය. එසේම, රටේ ස්වායත්ත භාවය ද බොහෝ දුරට ආරක්ෂා කරගත හැකි වන්නේය. එහෙත් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් එසේ ක‍්‍රියා නොකරන්නේ නම්, යම් අවස්ථාවකදී වෙනත් පාර්ශ්වයක්- උදාහරණයක් වශයෙන් ඇමරිකාව- තමන්ගේ රටේ ද පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය හැකිය. මා ලියූ ඉහත කී ලිපියේදී සාකච්ඡුා කළ පරිදි, මෙවැනි ක‍්‍රියාමාර්ගයක් පිළිබඳ තමන්ගේ අදහසක් ඇති බව ඔබාමා පරිපාලනය විසින් ලංකාවේ බලධාරීන්ට අඟවනු ලැබුවහොත්, ඊට අදාළ නීතිමය පියවර තමන් විසින්ම ගැනීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ව යොමු කළ හැකි වන්නේය. ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෑතකදී කර ඇති ප‍්‍රකාශ දෙස බලන විට, තමන්ගේම වන එවැනි විභාගයක් සඳහා අවශ්‍ය කරන ප‍්‍රමාණවත් දේශපාලනික පරිසරයක් ඇති බව ඔවුන් සැබවින්ම විශ්වාස කරන බවක් පෙනෙන්ට තිබේ. නව විදේශ ඇමතිවරයාත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ එදා සිටි ප‍්‍රකාශක සහ වර්තමාන කැබිනට් ප‍්‍රකාශක සහ සෞඛ්‍ය ඇමතිවරයාත් කර ඇති ප‍්‍රකාශයන්ගෙන් ඒ බව මනාව පැහැදිළි වෙයි. මේ අයවළුන් කරන ලද එම ප‍්‍රකාශ ආණ්ඩුවේ ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිපත්ති වශයෙන් ක‍්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය සංවාදයට දායක වීමේ හැකියාව ඇමරිකාවට ඇත.

*2015 ජනවාරි 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Way To Prosecute US Citizen Gotabaya නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

You may also like

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

- colombogazette.com

India’s Taj Hotel group had plans to construct a hotel in Nuwara Eliya around the post office but withdrew following protests by the public, President Ranil Wickremesinghe said. Speaking in Nuwara Eliya, the President said that if the Taj Hotel had opened in Nuwara Eliya another two hotels would have also opened up in the […]

- island.lk

In a recent televised interview, Nishan de Mel, the Executive Director of Verité Research, stated that holders of Sri Lanka’s International Sovereign Bonds (ISBs) have expressed concerns about specific aspects of the debt sustainability analysis conducted by the country alongside the IMF. This disagreement is one of the key hurdles in reaching an accord with […]

- island.lk

The Election Commission (EC) has decided it has no legal mandate to resolve the internal crisis of the Sri Lanka Freedom Party. The Commission members met on Thursday (18) to decide on the claims and counter-claims made by the two factions of the SLFP about the recent appointments made by a section of the party’s […]

- island.lk

President Ranil Wickremesinghe on Thursday (18) told youth political activists, affiliated to his party in Nuwara Eliya, that he was willing to convert the historical post office at Nuwara Eliya into a tourist hotel if that is what the people desire. The meeting took place at the President’s House in Nuwara Eliya. “We would like […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc