ඇමරිකාව කෝප ගන්වමින් රුසියාව, වෙනිසියුලාව ඇමරිකාව අසල නාවුක අභ්‍යාසයක
රුසියාව හා වෙනිසියුලාවේ නාවික හමුදාවන් විසින් කැරිබියානු මුහුදේ දකුණු ප‍්‍රදේශයේදී ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසයක් පැවැත්වීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
වසරේ දෙවන අර්ධය තුළ පැවැත්වෙනු ඇති මේ අභ්‍යාසය සඳහා රුසියානු උතුරු බලඇණියේ නෞකාවන් කිහිපයක් මෙන්ම වෙනිසියුලානු ප‍්‍රහාරක යානා කණ්ඩායමක්ද එක්වීමට නියමිතය.
රුසියාවේ මහා පීටර් මිසයිල ප‍්‍රවාහන න්‍යෂ්ටික නෞකාව සමග සහය නෞකා කිහිපයක් මේ සඳහා සහභාගී වනු ඇති බව රුසියාව පවසා ඇත.
මෙය ශීත යුද්ධයෙන් පසු රුසියානු නෞකා කණ්ඩායමක් කැරිබියානු මුහුද වෙත යන දෙවන අවස්ථාවද වනු ඇතැයි පැවසේ.
2008 දෙසැම්බර් අවසානයේදී මහා පීටර් සහ සබ්මැරීන නාශක නෞකාවක් වන අද්මිරාල් චබානෙන්කෝ කැරිබියානු මුහුද තුළ ඒකාබද්ධ යුධ අභ්‍යාසයක නිරතවූ අතර එය වෙන්රුස් 2008 ලෙසින් හඳුන්වනු ලැබිණි.
පසුගියදා රුසියාව විසින් පවසන ලද්දේ තම නාවික හමුදාව ලෝකයේ සමුද්‍රයන්හි අඛණ්ඩ ව හැසිරීම සඳහා පියවර ගන්නා බවයි.
ඇමරිකාව සහ එහි මිතුරන්ගේ පසමිතුරු ක‍්‍රියකාරකම් ඉහළ යාම සමග රුසියාවේද ආරක්‍ෂක හැකියාවන් වර්ධනය කළ යුතු බව රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැටෘෂෙව් පවසා තිබේ.
වෙනිසියුලා-රුසියානු ඒකාබද්ධ අභ්‍යාසය මාර්තු මස අවසන් වන විට සැලසුම් කරනු ඇතැයි වාර්තා වේ.