How can Sri Lankan charities find international donors and partners?

එක්සත් ජනපදයට තරුණයෙකු සමඟ යෑම: මංගල කරුණු පැහැදිලි කරයි

- colombotelegraph.com

ඇතැම් වෙබ් අඩවි මඟින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මනහර නැමති තරුණයෙකු සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ අතිසුඛෝපභෝගී හෝටලයක​ රජයේ මුදලින් ගතකල බවට ඵල්ල කරනලද චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් ඵ් මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය – 2015 මාර්තු 26 ;

2015 ජනවාරි 8 වන දින රාජපක්ෂ රෙජීමය සමඟින් පරාජයට පත් කළ බවට විශ්වාස කරන ලද අඳුරු සෙවනැලි යළිත් හිස එසවීම අරඹා ඇත. සිරිසේන පාලනයේ තෝරාගත් සාමාජිකයන් අරබයා මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති අතරල මා ද එහි ගොඳුරක් බවට පත්ව ඇත.

එබැවින් මහජනතාවගේ දැනගැනීම පිණිසල මාගේ එක්සත් ජනපද සංචාරය සම්බන්ධයෙන් පහත කරුණු දක්වමි.

1. 2015 පෙබරවාරි 10 වන දින සිට 13 වන දින දක්වා කාලය තුළ නිල සංචාරයක් සඳහා මා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියෙමි. රාජපක්ෂ රෙජිමයේ හානිදායක විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් නොසලකා හරින ලද රාජ්‍යයන් යළිත් මිතුරු කරගැනීම සඳහා වූ නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු වස් මෙම සංචාරය සිදු කරන ලදි.

2. වොෂින්ටනය වෙත කරන ලද දෙදිනකුත් වරුවක සංචාරය තුළ දීල ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජොන් කෙරී ඇතුළු ඔබාමා රජයේ අනෙකුත් ජ්‍යේෂඨ නිලධාරින් කිහිපදෙනෙකු ද හමුවීමෙන් අනතුරුව මා 13 වන දින පස්වරුවේ දුම්රිය මගින් නිව්යෝක් නුවර වෙත පැමිණියෙමි. එදින පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සමඟ සහ එක්සත් පාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනී සමන්තා පවර් මහත්මිය සමඟ සාකච්ඡා පැවැත්වූයෙමි.

3. පස්වරු 6.30 ට පමණ සිරිසේන ජනපතිතුමන්ගේ ඉන්දීය නිල සංචාරය සදහා නව දිල්ලි නුවරට පියාසර කිරීමට හෝටලයෙන් පිටත් වීමට පෙර මවිසින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කෙනත් රොත් මහතා ද මුණ ගැසෙන ලදි.

4. මාගේ නිල සංචාරවලදී භාවිත කරන සියලු හෝටල් අදාළ දූත මණ්ඩල විසින් වෙන් කරන ලද ඒවා වේ. එමෙන්ම රාජපක්ෂ රෙජීමයේ සමාජිකයන් ඔවුන්ගේ සංචාර අතරතුර භාවිතා කරන්නට යෙදුණු නිව්යෝක්හි පිහිටි වැල්ඩෝර්ෆ්-ඇස්ටෝරියා සහ ලන්ඩන් නුවර පිහිටි ඩොචෙස්ටර් වැනි අතිසුඛෝපභෝගී හෝටල් ‍වෙන් නොකරන ලෙස මවිසින් අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.

5. මාගේ කාලසටහන පිළිබඳ කලින් දැනුවත්ව තිබියදීත් නිව්යෝක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රාත්‍රීන් දෙකක් වෙන් කළේ මන්දැයි යන්න අභිරහසකි.

6. මාගේ විදේශීය නිල සංචාරවලදී මාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයකු පමණක් මවිසින් රැගෙන යනු ලැබේ. අදාළ ගුවන් සමාගම විසින් උසස් කොට සලකනු ලැබුවහොත් මිස ඔවුහු ගුවන් යානයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරති. මෙම සංචාරයේ දී මාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා මවිසින් රැගෙන යන ලදි.

7. මනහර මහතා මා 2004 -2007 කාලයේ දී වරා‍ය හා ගුවන් සේවා අමාත්‍ය ධුරය දරන සමයේ ද මාගේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් කටයුතු කළේය. මවිසින් විරුද්ධ පක්ෂය තුළ ගත කරන ලද හත් වසක කාලය තුළ ඔහු මාගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායකයකු හා කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරන ලදි.

8. මනහර මහතා විවාහකයකු වන අතර සිගිති දියණියකගේ පියකු ද වන්නේය.

ඒ අනුවල අසත්‍ය හා නොමග යවන සුළු පුවත් පලකරන ලද සියළලු වෙබ් අඩවි වල මවිසින් මෙහි ලා කරන ලද පැහැදිලි කිරීම සඳහා ද ඒ හා සමාන වූ ප්‍රසිද්ධියක් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තූතියි.

Hotell bill

Hotell bill

You may also like

- island.lk

Hayley Matthews smacked 141 to follow up her unbeaten 140 in the series opener to take an inspired West Indies to a crushing win in the 3rd ODI. The victory sealed a clean sweep over Pakistan. She powered West Indies to 278 as Pakistan’s bowlers struggled for wickets on a somewhat turgid track in Karachi. […]

- adaderana.lk

The Puttalam Quazi Court Judge has been arrested by Bribery Commission officers while accepting a bribe of Rs. 5,000.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts after 2.00 p.m.

- island.lk

A Russian deputy defence minister has been detained on suspicion of taking bribes, according to the country’s top investigative body. The Investigative Committee said on Tuesday that Timur Ivanov was being held and an investigation carried out. Appointed to the defence ministry in 2016, Mr Ivanov, 47, was responsible for Russia’s military infrastructure projects. Activists […]

- island.lk

By Chaminda Silva SLPP General Secretary Sagara Kariyawasam said yesterday that his party would conduct a disciplinary inquiry against Justice Minister Dr. Wijeyadasa Rajapakshe against his accepting the post of the Acting Chairman of the SLFP.  Kariyawasam said it was wrong for Minister Rajapakshe, a member of the SLPP, to have accepted a position in […]

- island.lk

Opposition and SJB Leader Sajith Premadasa yesterday said that he and his party were ready for a debate with JVP/NPP leader Anura Kumara Dissanayake and the latter’s team next month. Speaking at a meeting held after handing over a Smart classroom to children of Okandayaya Maha Vidayalaya in Hambantota, Premadasa said that there was no […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc