“වාසනාව තිබුණා නම් මීට වඩා ඉදිරියට යන්න තිබුණා” – කසුන් රාජිත

- srilankacricket.lk

Thanathillen-Eha_3

ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………

වාසනාව බලපෑවා නම් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අපට මීට වඩා ඉදිරියට යාමට අවස්ථාව තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයි වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ප්‍රකාශ කරයි. තරග දෙකක්ම අයහපත් කාලගුණය (වර්ෂාව) මත පැවැත්වූයේ නෑ.එක් තරගයක්වත් පවත්වා ජය ගැනීමට අවස්ථාව උදාවූයේ නම් මීට වඩා ඉදිරියට යාමට තිබූ බව කසුන් රාජිත ප්‍රකාශ කරයි.

2019 ලෝක කුසලාන තරගාවලියට දක්ෂ කණ්ඩායම් ඉදිරිපත්ව සිටියත් තරගාවලියේ අවසන් භාගය වන විට අපත් හොඳම තත්ත්වයකට පත්වෙමින් සිටියා. ප්‍රථම තරග දෙක අප පරාජය වූයේ කාඩිෆ් තණතිල්ල වේගපන්දු යවන්නන්ට ගොඩක් උචිත ලෙස සකසා තිබීමේ හේතුවෙනුයි.

මේ තරගාවලියේ මගේ දක්ෂතා පිළිබඳව මම එතරම් සෑහීමකට පත්වන්නේ නෑ. වැඩිපුර තරගවලට සහභාගි වන්න තිබුණා නම් මීට වඩා විකට් ගන්න තිබුණා. ලසිත් මාලිංග, සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් කණ්ඩායමට නම් කර සිටි නිසා මා සිටියේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසටයි. නුවන් ප්‍රදීප් අසනීපවී ආපසු පැමිණි නිසා මා කණ්ඩායමට ඇතුලුවී අවසාන තරග කිහිපයකට සහභාගිවුවා. තරගාවලිය අවසාන වන විට හොද විකට් ලැබුණා. තරගාවලියේ අඩක් වන විට අප එංගලන්තය පරාජය කරමින් හොඳ තත්ත්වයකට පත්වෙමින් සිටියා. මේ අත්දැකීම් භාවිතා කර ගෙන තම පන්දු යැවීම උසස්ම තත්ත්වයකට පත්කර ගැනීම අපේක්ෂාව බව කසුන් රාජිත කියයි.

 1993 ජුනි පළවැනිදා දකුණු පළාතේ මාලිම්බඩ උපත ලද කසුන් රාජිත පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවේ දම්පැල්ල කණිෂ්ට විදුහලෙනි. හයවැනි ශ්‍රේණියේ සිට 11වැනි ශ්‍රේණිය දක්වා තෙලිජ්ජවිල මහ විදුහටෙල් අධ්‍යාපනය ලබා උසස් පෙළ හැදෑරුවේ මාතර සාන්ත සර්වේසස් විදුහලෙනි.

කසුන්ගේ මව මාලිම්බඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වන අතර පියා මාලිම්බඩ ග්‍රාමසේවා නිලධාරි ලෙස සේවය කර නොබෝදා විශ්‍රාම ගත්තේය. කුඩා කළ සිට ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ මොහු ප්‍රියන්ත බුද්ධික පුහුණුකරුගේ මග පෙන්වීම යටතේ පාසල් කණ්ඩායම නියෝජනය කළේය.

මට අයියයි, නංගියි ඉන්නවා. පොඩි කාලේ අපි පවුලේ අය ක්‍රිකට් ගහනවා. මම ජාත්‍යන්තර තරගවලට පිවිසියේ 2016 වසරේ මගේ පුහුණුකරු වූයේ අනූෂ සමරනායකයි. ඉන්පසු චමින්ද වාස් වසර දෙකක්ද රුමේෂ් රත්නායක වත්මන් පුහුණුකරු ලෙසත් ක්‍රියා කරනවා.

25 හැවිරිදි කසුන් රාජිත ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ දකුණතින් වේගපන්දු යවන්නෙකු ලෙසටය. ටෙස්ට් තරග හයකදී කඩුලු 23ක්ද එක්දින තරග අටකදී කඩුලු 7ක්ද 20-20 තරග පහක දී කඩුලු හතක්ද ලබා ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලියන් තුනේදීම ශ්‍රී ලංකාන නියෝජනය කරයි. ඔහු මුලින්ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ 20-20 ක්‍රීඩකයෙකු ලෙස 2016 පෙබරවාරි 9 වැනිදා ඉන්දියාව සමග ඉන්දියාවේ පුනේ නගරයේදීය.

කසුන් රාජිත තව දෙවතාවක්වත් ලෝක කුසලාන තරගාවලියන්හිදී මව්බිම නියෝජනය කිරීමට අපේක්ෂා කරයි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

British Prime Minister Rishi Sunak s latest effort to send some migrants to Rwanda finally won approval from Parliament early Tuesday, hours after he pledged deportation flights would begin in July.

- adaderana.lk

Sri Lanka Navy has taken hold of over 10kg of Kerala cannabis, during a search operation conducted with the Division Crime Investigation Bureau Mannar in the Vankalai area, Mannar.

- adaderana.lk

A seven-member panel led by a Major General has been appointed to investigate the deadly accident that happened during the Fox Hill Super Cross 2024 racing event in Diyatalawa, Sri Lanka Army says.

- colombogazette.com

As the Maldives braces itself for the crucial parliamentary election on April 21, 2024, the political landscape is marred by allegations of corruption, cronyism, and abuse of power, particularly within the Progressive National Congress (PNC) led by President Mohamed Muizzu. The unfolding scenario casts a dark shadow over the nation’s democratic fabric as citizens grapple […]

- onlanka.com

Two individuals died after police opened fire at a three-wheeler that failed to comply with orders to stop.The post Two killed in police shooting at Moragahahena appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Ten crew members have died after two navy helicopters collided in mid-air during a military rehearsal for a Royal Malaysian Navy parade.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc