How can Sri Lankan charities find international donors and partners?

ගෝඨාභයට විශිෂ්ට ජයක්

- itnnews.lk

ජනාධිපතිවරණයේ සියලු තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ඉන් දිස්ත්‍රික් 18 කම  ජය තහවුරු කර ගැනිමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත්ව සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වූයේ දිස්ත්‍රික් 4 ක තැපැල් ඡන්ද ජයග්‍රහණයක් පමණයි. ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්වාසය වඩාත් තහවුරු කර ගනිමින් තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනිමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත්ව සිටිනවා.

ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 25,099 ක්. සජිත් ප්‍රේමදාස මහතාට 9,093 ක් ලැබී තිබුණ අතර අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 2,450 ක්. මහේෂ් සේනානායක මහතාට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හිමිවූ තැපැල් ඡන්ද සංඛ්‍යාව 301 ක්.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එහි ජයග්‍රහණය හිමිකර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8,402 ක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,703 ක් වන අතර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 147 ක් ලැබී තිබුණා.

මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද නිකුත් කෙරුණා. ඒ අනුව ඡන්ද 13,754 ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ජයග්‍රහණය හිමිකර ගත්තා. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 6,380 ක්. අනුර කුමාර දිසානායක මහතාට මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී තිබුණ තැපැල් ඡන්ද සංඛ්‍යාව 1,340 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව එහි ජය හිමිකර ගත්තේ ඡන්ද 19,061 ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතායි. සජිත් ප්‍රේමදාස මහතාට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හිමිවූ තැපැල් ඡන්ද සංඛ්‍යාව 7,940 ක්. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1,678 ක් ලබාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව එහි ජයග්‍රහණය හිමිකර ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 30,918 ක්. සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 12,125 ක් වන අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3,181 ක් ලබාගත්තා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව එහි ජය හිමිකර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛායව 7,871 ක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 5,089 ක් හිමිවෙද්දී අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 610 ක් ලබාගත්තා.

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13,405 ක්. සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 6,165 ක් වන අතර අනුර කුමාර දිස්නායක මහතා ඡන්ද සංඛ්‍යාව 987 ක් ලබාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රත්ඵලයට අනුව ඡන්ද 21,717 ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්වුණා. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8,294 ක්. අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 2,229 ක් ලැබී තිබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ මහතා ඡන්ද 9,151 ක් හිමිකර ගනිද්දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 7,696 ක් ලැබී තිබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබුණ තැපැල් ඡන්ද සංඛ්‍යාව 638 ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 21,772 ක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වුණා. සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 11,532 ක් වන අතර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 2,046 ක් ලැබී තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 11,261 ක් ලැබී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 10,831 ක්. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1,134 ක් ලබාගත්තා.

කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 22,586 ක් හිමිවුණා. සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 9,172 ක් වනවා. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1,912 ක් ලබාගත්තා. ***

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගත්තේ ද ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ මහතා ඡන්ද 9,285 ක් ලබාගනිද්දී සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 5,835 ක්. අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 1,234 ක් ලැබී තිබුණා.

ඡන්ද 12,983 ක් ලබාගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වුණා. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 3,947 ක් ලබා ගනිද්දී අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1,731 ක්.

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්දයෙන් විශිෂ්ට ජයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබී තිබෙනවා. ඒ මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 19 379 ක්. සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 5782 ක් වනවා. අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 2153 ක්.

යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජය හිමිවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 17 961 ක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 1563 ක් ලබාගත්තා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්ද 28 957 ක් ලැබී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 15 367 ක්. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2740 ක් ලබා ගත්තා.

පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂර මහතායි. ඒ මහතා ඡන්ද 7645 ක් ලබාගනිද්දී සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූයේ ඡන්ද 4685 ක් පමණයි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 764 ක් ලබාගත්තා. ***

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ද ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ ඡන්ද 45,193 ක් ලබාගනිමින්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 23,432 ක් ලබාගත් අතර අනුර කුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 4,400 ක්.

කෑගල්ල තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂප මහතා ජයගත්තේ ඡන්ද 19,869 ක් හිමිකර ගනිමින්. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 9,868 ක් ලැබුණ අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1497 ක් ලබාගත්තා.

මඩකලපුව තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජය ගත්තේ ඡන්ද 9,221 ක් හිමිකර ගනිමින්. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 1255 ක් ලැබුණ අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 349 ක් හිමිකර ගත්තා.

මහනුවර දිස්ත්‍රික්කයේ ද තැපැල් ජයග්‍රහණය හිමිකරගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ ඡන්ද 34 748 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 16 303 ක් හිමි වූ අතර අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2683 ක්.

*

The post ගෝඨාභයට විශිෂ්ට ජයක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

SriLankan Airlines says it is currently modifying its flight paths for European destinations as a precautionary measure amidst the current tensions between Israel and Iran.

- adaderana.lk

Having hit a roadblock with international bondholders, uncertainty looms over the economy of crisis-hit Sri Lanka and an upcoming review by the International Monetary Fund (IMF), experts warn.

- colombogazette.com

Women in Pakistan now face a new, more terrifying threat–violence and threats caused by AI content sent by malicious sexual predators and gangs. Last year, over 2500 cases of harassing and victimising female children and women were reported. The state pays little attention to prosecuting the culprits. Only 12 FIRs have made any progress in […]

- adaderana.lk

A person has been hacked to death with sharp weapons in the Valaichchenai area last night (19).

- adaderana.lk

The Hulftsdorp Magistrate s Court has issued a detention order on the four suspects including the two naval officers arrested while in possession of crystal methamphetamine (Ice ).

- adaderana.lk

Two foreign women, who were attempting to smuggle in 500 grams of cocaine by ingesting them have been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc