ජයග්‍රහණය ගෞරවාන්විතව බුක්ති විඳින්නැයි ඉල්ලීමක්
අපහාස, අවලාද, තර්ජන හා බලහත්කාරකම් අභිබවා ජාතියක් ජයග්‍රහණය කිරීමට කැප වූ සියලු දෙනාට හිසනමා ගෞරවයෙන් ආචාර කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් නොවුව ද අප මේ පසු කරමින් සිටින්නේ ශ්‍රී ලාංකික රාජ්‍යයේ අතිශය තීරණාත්මක ජයග්‍රාහී මොහොතක් බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අනාගතයට අවැසි සෞභාග්‍යයේ දැක්ම පෙරටුව සුරක්ෂිත රාජ්‍ය පාලනයක් වෙත පියවර නැගිම සඳහා සැරසෙන මේ මොහොත ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් උත්තම පරමාදර්ශයන්ට කිසිලෙසක හෝ හානියක් නොවන සේ හැසිරීම අප සැමගේ වගකීම බව ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. සියලු වැදගත්කමින් පිරුණු විජයග්‍රහණය ගෞරවාන්විතව ද නිතිගරුකව ද සුරැකීම නූතන රාජ්‍යයක් වෙත හෙට දිනයේ අපි තබන පළමු පියවර ලෙස සළකමු.
The post ජයග්‍රහණය ගෞරවාන්විතව බුක්ති විඳින්නැයි ඉල්ලීමක් appeared first on ITN News.