සජිත් නියෝජ්‍ය නායක ධුරය අත්හරී
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. එමෙන්ම හත්වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාශිංසන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියාසිටින්නේ. ඉදිරියේ දී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. සාමකාමී සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ටත් සමස්ත රටවැසියන්ටත් සජිත් ප්‍රේමදාස මහතා ස්තූතිය පළකරනවා.
The post සජිත් නියෝජ්‍ය නායක ධුරය අත්හරී appeared first on ITN News.