ජනපති මෛත්‍රීගෙන් නව ජනපතිට උණුසුම් සුබපැතුම්
2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක්කරනවා.
ශ්‍රී ලංකාවේ 06 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දිනයේ සිය ධුරයේ රාජකාරී අවසන් කරමින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එහිදී ජනාධිපතිවරයා තේරීපත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සුබපැතුම් පලකරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළ බවයි. ජනාධිපතිතුමා එහිදී සියලු දෙනා හා එක්ව තම උතුම් මාතෘ භූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටුකළ වගකීම් හෙට දිනයේද ඉටු කිරීම අධිෂ්ඨානය බව එම නිවේදනයේ සිහිපත් කර තිබෙනවා.
The post ජනපති මෛත්‍රීගෙන් නව ජනපතිට උණුසුම් සුබපැතුම් appeared first on ITN News.