බංග්ලාදේශයේ ගෑස් නලයක් පිපිරීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට
බංග්ලාදේශයේ චිතගෝන් වරාය නගරයේ ගෑස් නලයක් පිපිරීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරින් පුද්ගලයින් විසිපස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බංග්ලාදේශ පොලිසිය පවසනවා. පිපීරිමෙන් ගොඩනැගිලි කිහිපයකටද දැඩි හානි සිදුව තිබෙනවා. ගෑස් නලය පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
The post බංග්ලාදේශයේ ගෑස් නලයක් පිපිරීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.