රුවන්වැලිසෑ පුදබිමේදී මෙරට 7 වන විධායක ජනපති දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දුන් ඓතිහාසික උත්සවය අභිමානවත්ව පැවැත්වුණා. ඒ අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියසදීයි.
ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබා තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේත්, ජනතා නියෝජිතයන්ගේත් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි අතිවිශාල ජනකායකගේත් සහභාගීත්වයෙන්. ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ඒ පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කළා.අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
The post රුවන්වැලිසෑ පුදබිමේදී මෙරට 7 වන විධායක ජනපති දිවුරුම් දෙයි appeared first on ITN News.