ඉන්දීය අගමැති කළ ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගනී
ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව තහවුරු කර ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර තිබුණා. අනතුරුව ඊයේ රාත්‍රි නරේන්ද්‍ර මෝදි හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් ද සිදු වු බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. එහිදී ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. ඊට ස්තූතිය පළ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ සංවර්ධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දීයාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට තමා සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
The post ඉන්දීය අගමැති කළ ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගනී appeared first on ITN News.