ඔස්ට්‍රියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්
පවතින හිම සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් ඔස්ට්‍රියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රදේශ රැසක අධික හිම පතනයක් වාර්තා වුණා. නාය යාමක් හේතුවෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණා. පාසල්, කාර්යාල වසා දමා ඇති අතර මාර්ග රැසක් හිමවලින් වැසී පවතිනවා. දැඩි හිමපතනය හේතුවෙන් නිවාස, කඩසාප්පු සහ රථවාහනවල සිරවී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු බේරාගැනීමට කටයුතු කෙරුණා.
නිවාස දෙදහසකට පමණ විදුලිය විසන්දි වීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. තවත් සතියක පමණ කාලයක් මෙම අයහපත් කාලගුණය පවතින බවයි කාලගුණ අංශ සදහන් කර තිබෙන්නේ.
The post ඔස්ට්‍රියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් appeared first on ITN News.