හොංකොං විශ්වවිද්‍යාල ගැටුමෙන් සියයක් රෝහලේ
හොංකොං හි බහු තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම් වලින් අද දිනයේ පමණක් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
බහු තාක්ෂණික විශ්වවිද්‍යාලය තුළ බලහත්කාරයෙන් රැදී සිටින සිසුන් එහි දේපොලවලට හානි සිදුකරනවා. පසුගිය සතියේ සිට පවත්නා මෙම තත්ත්වය මේ වනවිට උග්‍රවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බලහත්කාරයෙන් රැදී සිටින සිසුන් ඉවතට ගැනීම සදහා පොලීසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනවා. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වීම සදහා සිසුන්ට කාලයක් ලබාදී තිබුණ ද ඔවුන් එයින් ඉවත්වී නැහැ. පෙට්‍රල් බෝම්බ හා ගල්මුල් වලින් සිසුන් පොලීසියට පහරදෙනවා.
අත්අඩංගුවට පත්ව සිටි සිසුන්ට වසර දහයකට නොඅඩු සිර දඩුවම් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. සිසුන් 600 දෙනෙකු මේ වනවිටත් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්ව ගොස් තිබෙනවා. චීන දේශයෙන් වෙන්වී තමන්ට ස්වයං පාලන බලතල ලබාදෙන ලෙස ඉල්ලමිනුයි මෙසේ විරෝධතා පැවැත් වෙන්නේ. එමෙන්ම පොලීසිය විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහරදීම ද මෙයට හේතුවක් වී තිබෙනවා.
The post හොංකොං විශ්වවිද්‍යාල ගැටුමෙන් සියයක් රෝහලේ appeared first on ITN News.