ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු වැලමඩදී අත්අඩංගුවට
ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු වැලමඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිමඩ , යටපත්වෙල , කැටකෑල්ල මාර්ගයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඔවුන්ගේ සහාය ඇතිව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා. ඔවුන් සන්තකයේ තිබී කුඩා ප්‍රමාණයේ හෙරොයින් පැකට් 23 ක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
The post ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු වැලමඩදී අත්අඩංගුවට appeared first on ITN News.