ජනපතිගේ ඉන්දීය සංචාරය එරට විදේශ ඇමති තහවුරු කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 29 වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව එරට විදේශ අමාත්‍ය එස් ජයෂංකර් මහතා ප‍්‍රකාශ කළා.
ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මෙම එකඟතා පළවූ බවයි එස් ජයෂංකර් මහතා ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබෙන්නේ. නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇති බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ජනාධිපතිවරයාට සුභ පැතුම් එක්කළා.
The post ජනපතිගේ ඉන්දීය සංචාරය එරට විදේශ ඇමති තහවුරු කරයි appeared first on ITN News.