මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52 ක් අත්අඩංගුවට
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52 ක් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැණුනා. කොඩයිට් ලෙස සැකකෙරෙන මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 800 ක් වන අතර එය සන්තකයේ තබාගෙන සිටි සැකකරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සැකකරු හා පුපුරණ ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසියට භාරදී තිබෙනවා.
The post මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52 ක් අත්අඩංගුවට appeared first on ITN News.