බ්‍රිතාන්‍ය අගමැති සහ විපක්ෂ නායකවරයා අතර රූපවාහිනී සංවාදයකදී මතගැටුමක්
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැවැත්වූ පළමු රූපවාහිනී සංවාදයේ දී මතගැටුමක් ඇතිවුණා.
එරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක පැවැත්වූ සංවාදයකදීයි මෙම මත ගැටුම හටගත්තේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එම සංවාදය අතරතුර ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය මුහුණදී ඇති අභාග්‍ය සම්පන්න සමය අවසන් කිරීමට තමා පොරොන්දු දෙන බවයි. ඒ වෙනුවෙන් විපක්ෂය ගෙන ආ යෝජනා සියල්ල රට බෙදන අසාර්ථක යෝජනා බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක ජෙරමි කෝබින් කියාසිටියේ තම රජයක් යටතේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව ජනතාව වෙත පවරණ බවයි. බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන මස 12 වනදා පැවැත්වීමට නියමිතයි.
The post බ්‍රිතාන්‍ය අගමැති සහ විපක්ෂ නායකවරයා අතර රූපවාහිනී සංවාදයකදී මතගැටුමක් appeared first on ITN News.