අභාවප්‍රාප්ත දී මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා

- itnnews.lk

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා ( 23) ගම්පොලදී සිදුකිරීමට නියමිතයි. ඒ මහතා මිය යනවිට 88 වන වියේ පසුවුණා.

1931 වසරේ ජූනි මස 7 වනදා උපත ලැබූ දී මූ ජයරත්න මහතා දොළුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක යුගයේදීම එම පක්ෂය සමග එක්වුණා. දී මූ ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයායි.  1970 මහ මැතිවරණයේ දී ගම්පොල මැතිවරණ කොට්ඨාසය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා 1977 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් එක් අයෙකු වනවා.

1994 වසරේ පිහිටවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස දී මූ ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට එක්වුණා. අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ මහතා 2010 වසරේ අප්‍රේල් 21 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. දරුවන් තුන් දෙනෙකුගේ පියෙකු වන ඒ මහතා සමාජ සේවා රැසක් ඉටුකර තිබෙනවා. අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානය ද දී මූ ජයරත්න මහතාගේ නිර්මාණයක්. එය පාලනය වූයේ ද ඒ මහතා ඇතුළත් වූ අම්බුලුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාරය මගිනි.

මහනුවර පෞද්ගලික රෝහලකදී ඊයේ (19) අභාවප්‍රාප්ත වූ දී මූ ජයරත්න මහතාගේ දේහය අද (20) දහවල් විශේෂ රිය පෙරහැරකින්  ගම්පොල දොළුව නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

 

The post අභාවප්‍රාප්ත දී මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා appeared first on ITN News.

You may also like

- adaderana.lk

Police have arrested the suspect related to the incident of misleading a foreigner and selling an Ulundu Wadey and a cup of tea for an exorbitant price at a restaurant in the Kalutara area.

- colombotelegraph.com

[…]The post Top 10 new trends in branding appeared first on Colombo Telegraph.

- adaderana.lk

Two police officers including a Sub-Inspector (SI) and a Sergeant have been arrested by the Criminal Investigation Department (CID) for allegedly maintaining dealings with drug traffickers. .

- colombotelegraph.com

[…]The post ආචාර්ය ඒ ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි: 1990 දශකයේ මැද දක්වා ඔහු ගැන මා සතු මතක සටහන් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Dr A .T. Ariyaratne Has Passed: My Memories Of Him To The Mid-1990s appeared first on Colombo Telegraph.

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape the Sri Lanka that the nation s youth envision.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc