පාන් මිල වැඩි නොවේ
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව බේකරි හිමියන් පවසනවා.
පාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ. තිරිඟු පිටි සමාගම් හිතුමතේ මිල වැඩි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබුණා. තිරිඟු පිට ඉහළ දැමීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
The post පාන් මිල වැඩි නොවේ appeared first on ITN News.