ඉරානයේ විරෝධතාවලින් 106 දෙනෙකු ජිවිතක්ෂයට
ඉරානයේ විරෝධතාවලින් 106 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මානව හිමිකම් සංවිධාන ප‍්‍රකාශ කලා. විරෝධතා ආරම්භ වුණේ පසුගිය 15 වනදා සිට.
ඉන්ධන මිල වැඩිවීම මුල්කරගනිමින් මෙම විරෝධතා ක‍්‍රියාත්මක වූ බවයි ඉරාන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අන්තර් ජාල සබදතා සහ සමාජ මාධ්‍ය අවහිර කිරිමට ද ඉරාන රජය පියවර ගත්තා. ඒ අසත්‍ය තොරතුරු ව්‍යප්තවිම වැලැක්වීමේ අරමුණෙන්.
විරෝධතා අතරතුර ඇතිවු ගැටුම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසක් සිරගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් ඒ පිලිබද තොරතුරු මෙතෙක් නිල වශයෙන් හෙළිකරගෙන නැහැ.
The post ඉරානයේ විරෝධතාවලින් 106 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.