කොකේන් ගුලි සියයක් ගිලදමා පැමිණි කෙන්යානු කාන්තාව දැඩි සත්කාර ඒකකයේ
කොකේන් තොගයක් ගිලදමා මෙරටට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවගේ තත්වය තරමක් බරපතල බව මිගමුව මහ රෝහල ප‍්‍රකාශ කළා.
ගිලදැමූ කොකේන් ගුලි පිටතට ගැනීම සදහා එම කාන්තාව මිගමුව මහ රෝහලට ඇතුලත් කළ බවයි අප ගුවන් තොටුපොල වාර්තාකරු ප‍්‍රකාශ කළේ. උපත් පාලන කොපු තුළ බහා කොකේන් ගිලදමා ඇති බවටයි මුලික විමර්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ඉන් කිහිපයක් ඇයගේ ආමාශය තුළදී පුපුරා යන්නට ඇති බවටයි වෛද්‍යවරුන් සැකපළකරන්නේ.
ඒ අනුව කාන්තාව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. ඇය ගිලදමා ඇති කොකේන් ගුලි සියයේ වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක්.
The post කොකේන් ගුලි සියයක් ගිලදමා පැමිණි කෙන්යානු කාන්තාව දැඩි සත්කාර ඒකකයේ appeared first on ITN News.