ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. දළදා සමිදුන් වැදපුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා තේවාවටද එක්වුණා. දළදා වන්දනාවෙන් අනතුරුව දළදා මාළිගාවේ ඇති අමුත්තන්ගේ පොතේ විශේෂ සටහනක් තැබීමට ද කටයුතු කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.
The post ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි appeared first on ITN News.