පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීමට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කරයි
පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.
පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීමට තීරණය කර තිබුණේ එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්.කෙසේවෙතත් එම තරගාවලිය සඳහා යොවුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපතිවරයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තානු රජය කටයුතු කර තිබුණා.
2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු විදෙස් කණ්ඩායමක් පාකිස්තානයේදි ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වී නැහැ. ඒ අනුව දශකයකට පසු පාකිස්තානයට ටෙස්ට් තරගාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
The post පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීමට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කරයි appeared first on ITN News.