ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීමක්
සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සියලුම ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ පිලිබද උපදෙස් ලැබුණු බවයි බස්නාහිර පලාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේ.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
The post ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීමක් appeared first on ITN News.