ජනාධිපති ගෝඨාභයට ජපාන රජයෙන් සුබපැතුම්
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජපාන රජයද සුබපැතුම් එක් කළා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සුබපැතුම් එක්කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජපාන විදේශ අමාත්‍ය මොටෙජි ටොෂිමිත්සු මහතා සුබපතමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණය සාමකාමී හා ඉතා සාර්ථක එකක් බවයි. නව ජනාධිපතිවරයාට තම රටේ සියලු දෙනාගේ සුබපැතුම් එක්කරන අතර දෙරටේ සහයෝගීතාව වර්ධනය කරමින් කටයුතු කරන බව එම නිවේදනයේ සදහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ජාතික සංහිදියාව හා සමෘද්ධිමත් බව ඉහළ නංවාගැනීම තුළින් ඉන්දු පැසිෆික් කලාපය තුළ සාර්ථක රාජ්‍යයක් බවට පත්වීමට නව නායකත්වය ඉවහල් වනු ඇති බවයි ජපානය පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම ආකාරයේ සහායක් ලබාදීමට ජපානය සූදානම් බවද ඒ මහතා පවසනවා.
The post ජනාධිපති ගෝඨාභයට ජපාන රජයෙන් සුබපැතුම් appeared first on ITN News.