මෙරට මුහුදු තීරයෙන් පළමු වරට සීල් මත්ස්‍යයෙකු හමු වෙයි
මෙරට මුහුදු තීරයෙන් පළමු වරට සීල් මත්ස්‍යයෙකු හමු වී තිබෙනවා. උණවටුන ප්‍රදේශයෙන් මෙම මත්ස්‍යයා හමු වූ බවයි නාරා ආයතනය පවසන්නේ.
ඕස්ට්‍රේලියාව, ඇන්ටාක්ටිකාව වැනි ශීත දේශගුණයක මෙම මත්ස්‍යයින් වැඩි වශයෙන් ජීවත් වනවා. උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ගොඩබිමට ආසන්න මුහුදු තීරයේදී මෙම මත්ස්‍යයා හමු වී ඇත්තේ අද උදෑසන කාලයේයි. ඊශාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සීතල දියවැල් ඔස්සේ මෙම මත්ස්‍යයා පැමිණ ඇතැයි විශ්වාස කරන බව නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසනවා.
The post මෙරට මුහුදු තීරයෙන් පළමු වරට සීල් මත්ස්‍යයෙකු හමු වෙයි appeared first on ITN News.