ඊශ‍්‍රායලය වසරක් තුළ තුන්වන වරටත් මහ මැතිවරණයක් අභියස
නව රජයක් බිහිකිරීම සඳහා පැවැති සාකච්ඡා අසාර්ථකබව බ්ලූ ඇන්ඩ් වයිට් පක්ෂ නායක බෙනී ගාන්ට්ස් ප‍්‍රකාශ කළා.
සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පාර්ශව කිහිපයක් සමඟ ඔහු සාකච්ඡා කර තිබෙනවා. මීටපෙර අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වුණා. ඒ අනුව වසරක් තුළ ඊශ‍්‍රායලයට තුන්වන වරටත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පාර්ලිමේන්තුව මගින් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගතයුතු බව ඊශ‍්‍රායල ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
පැවැති මැතිවරණයෙන් බ්ලූ ඇන්ඩ් වයිට් පක්ෂයට ආසන 33 ක් හිමිවුණා. අගමැති නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂයට හිමිවුණේ ආසන 32 ක් පමණයි. ඊශ‍්‍රායල පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120 ක්.
The post ඊශ‍්‍රායලය වසරක් තුළ තුන්වන වරටත් මහ මැතිවරණයක් අභියස appeared first on ITN News.