කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.
ඒ නොවැම්බර් 23 සෙනසුරාදා පෙරවරු නවයේ සිට පසුදා පෙරවරු 9.00 දක්වා. කොළඹ නගර සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශය , රාජගිරිය මොරගස්මුල්ල , ඔබේසේකර පුර , බණ්ඩාරනායක පුර, නාවල සහ කොස්වත්ත ප‍්‍රදේශ ඊට ඇතුලත්. රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරුමාර්ගවල ද ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත.
The post කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.