සිරියාවේ ඉඩ්ලිඩ් නගරයේ සරණාගත කඳවුරකට මිසයිල ප්‍රහාරයක්
සිරියාවේ ඉඩ්ලිඩ් නගරයේ සරණාගත කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. සිරියා රජයේ හමුදා මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරයකදී මෙම මිසයිල ප්‍රහාරය සරණාගත කඳවුර වෙත එල්ල වී තිබෙනවා. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 10 දෙනෙකු ද සිටිනවා. තවත් බොහෝ පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව සඳහන්.
The post සිරියාවේ ඉඩ්ලිඩ් නගරයේ සරණාගත කඳවුරකට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.