රවී කරුණානායකට එරෙහි විමර්ෂණවල ප‍්‍රගතිය ඉදිරිපත් කරන්නැයි නියෝගයක්
බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විමර්ෂණවල ප‍්‍රගතිය ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ අනුව ප‍්‍රගති වාර්තා පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය දැනුම් දී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ දියණියගෙන් ද ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සදහන් කලා.
වැඩිදුර විමර්ෂණ ක‍්‍රියාත්මක බවයි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ.
The post රවී කරුණානායකට එරෙහි විමර්ෂණවල ප‍්‍රගතිය ඉදිරිපත් කරන්නැයි නියෝගයක් appeared first on ITN News.