United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

අභාවප්‍රාප්ත දී. මූ ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට

Nov 21, 2019 5:44:59 AM - itnnews.lk

හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දී. මූ ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත හෙට (22) රැගෙන ඒමට නියමිතයි. දේහය අවසන් ගෞරව පිණිස පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා එහි තැන්පත් කර තැබෙන බවයි කතානායක කාර්යාලය නිවේදනය කරන්නේ.

කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 88 වන  වියේ පසුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක යුගයේදීම ඊට එක්වූ ඒ මහතා පක්ෂයේ මෙන්ම රටේ උන්නතිය වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකළා.

විවිධ අමාත්‍යධුර දැරූ ඒ මහතා  අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2010 වසරේදීයි.  ගම්පොල දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට අද (21) දිනයේද එක්වුණා.

අභාවප්‍රාප්ත දි. මු. ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගම්පොල දොලුව ක්‍රීඩාංගනයේදී අනිද්දා (23) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

 

The post අභාවප්‍රාප්ත දී. මූ ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට appeared first on ITN News.