BBC සාවද්‍ය පුවත් ප්‍රචාරය හෙළා දකිනවා – ජාතික ආගමික සංවිධාන එකමුතුව
බීබීසී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීම හෙළා දකින බව ජාතික ආගමික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ පවසනවා. බීබීසී පුවත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් යොමු කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.
මෙරට හමුදාව යුද අපරාධවලට සම්බන්ධ බවට වන අසත්‍ය ප්‍රවෘත්තියක් බීබීසීය පළකර තිබුණා. මානුෂීය මෙහෙයුම සමයේදී ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද මෙම යුද අපරාධවලට සම්බන්ධ බවට මතයක් ගොඩනැගීමටයි බීබීසීය මෙම වාර්තාව තුළින් උත්සාහ ගෙන තිබුණේ.
මෙම අසත්‍ය පුවත වහා නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළා. පූජ්‍ය ජඹුරේවල චන්දරතන පූජ්‍ය අගුටුගල්ලේ ජිනානන්ද යන ස්වාමීන්වහන්සේ මෙන්ම සර්ව ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post BBC සාවද්‍ය පුවත් ප්‍රචාරය හෙළා දකිනවා – ජාතික ආගමික සංවිධාන එකමුතුව appeared first on ITN News.