තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වෙයි
තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණා. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ රජය ලබා දී තිබූ රුපියල් ලක්ෂ හයක් වටිනා ඉන්ධන කූපන් පත් ද යළි අමාත්‍යාංශයට භාර දෙමින්.
මේ අතර රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද අද ඉල්ලා අස්වුණා. ඒ මහතා වෙනුවෙන් සුහද හමුවක්ද අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වුණා.
රිෂාඩ් බදියුදීන් මහතා ද අද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුණා. කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයෙනුයි ඔහු ඉල්ලා අස්වුනේ.
The post තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වෙයි appeared first on ITN News.