ස්වර්ණමාලි චෛත්‍යයේ නව චූඩාමාණික්‍යය රථ පෙරහරින් අනුරාධපුරයට
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිසෑයේ අභිනවයෙන් පැළඳවන චූඩා මාණික්‍යය කුරුණෑගල ඇත්කද රජමහා විහාරස්ථානයට රැගෙන යාම ඊයේ සිදු කෙරුණා. එය අනුරාධපුරය දක්වා රැගෙන යාම මේ වනවිට සිදුකෙරෙනවා.
රුවන්වැලි සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය රැගත් කරඩුව සහිත පෙරහැර කුරුණෑගල ඇත්කද රජමහා විහාරස්ථානයේ සිට රැගෙන යාමේ රථ පෙරහර අද උදෑසන ගමන් ආරම්භ කළා. ඒ ඇත්කද රජමහා විහාරාධිපති පූජණ ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මාධ්‍යයේයි. මග දෙපස රැස්ව සිටිමින් ජනතාව එය වැදපුදා ගැනීමට එක්වුණා.
The post ස්වර්ණමාලි චෛත්‍යයේ නව චූඩාමාණික්‍යය රථ පෙරහරින් අනුරාධපුරයට appeared first on ITN News.