පෙරේකොප් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමවා දිවයිනෙන් පිටත්ව ගියා.
හම්බන්තොට වරායෙනුයි මෙම නෞකාව පිටත්ව ගියේ. නාවික හමුදාව එහිදී සාම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමුදීම සිදුකළා.
රුසියා නෞකාව මෙරට රැදී සිටි කාලසීමාව තුළ ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කිරීමටයි නාවික හමුදාව කටයුතු කළේ.
දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රීඩා තරග පැවැත්වුණා.
The post පෙරේකොප් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN News.